පානදුර ශ්‍රී සුමංගල විදුහලට කඩුලු 9ක ජයක්

පානදුර ශ්‍රී සුමංගල විදුහලට කඩුලු 9ක ජයක්

දෙහිවල එස් ද එස් ජයසිංහ විදුහල සමග පැවැති අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල සමත්විය.

දෙහිවලදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජයසිංහ විදුහල පළමු ඉනිම ලකුණු 185කට සීමාවූ අතර සුමංගල විදුහල පළමු ඉනිමට ලකුණු 270ක් රැස් කළේය. ජයසිංහ විදුහල දෙවැනි ඉනිමේදී ලකුණු 91කට දැවී ගිය අතර ජයග්‍රාහී ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සපුරාලීමට ජයසිංහ විදුහලට හැකිවිය.

එස් ද එස් ජයසිංහ පළමු ඉනිම-185 දිනුකර ලක්ෂිත 61, තිලංක රූපසිංහ 31 (කවුමාල් නානායක්කාර 22/3, ළහිරු විමුක්ති 35/3) සහ දෙවැනි ඉනිම-91 තරිඳු පීරිස් 25 (සේවින්ද සුලක්ෂණ 7/5)

ශ්‍රී සුමංගල පළමු ඉනිම-270 නදුර රුක්ෂාන් නොදැවී 73, සමිත් යසන්ත 71, ළහිරු විමුක්ති 35, කුෂාන් අකලංක 34 (ඉෂාර දර්ශන 60/4, මධුක නිරෝෂන් 62/4) සහ දෙවැනි ඉනිම-7/1

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා