මුද්‍රණය සඳහා

 
සය සමාජික ක්‍රිකට් දෙහිවල දී

සය සමාජික ක්‍රිකට් දෙහිවල දී

දෙහිවල කව්ඩාන එක්සත් ක්‍රීඩා සමාජය සංවිධාන කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ලබන මස 1-2 දෙදින කව්ඩාන ගිනි නිවන හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රාහකයන්ට දීපාල් ප්‍රනානන්දු ශූරතා කුසලානය සමගින් රුපියල් 50000ක්ද, අනුශූරයන්ට නෝලිමිට් කුසලානය සමගින් රුපියල් 30000ක් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

මීට සමගාමීව සත් සාමාජික ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වෙන අතර එහි ශූරයන්ට දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග කුසලානය සමගින් රු.30000ක් හා අනුශූරතාවට නීතිඥ වසන්ත ප්‍රනාන්දු කුසලානය සමගින් රු.20000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි සංවිධායකයෝ පවසති. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දු.ක.0714406904 (ලක්සිරි) ‍හෝ 0776110933 (රසික) මගින් ලබාගත හැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]