විද්‍යාර්ථ ක්‍රිකට් සම්මාන උළෙල අද

විද්‍යාර්ථ ක්‍රිකට් සම්මාන උළෙල අද

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය වර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල අද ප‍.ව.2.00ට විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී 2013/14 වර්ෂයේ දක්ෂතා දැක්වූ 13න් පහළ සිට 19න් පහළ දක්වා සියලු වයස් කාණ්ඩයන්හී ක්‍රීඩකයන් 150දෙනකුට සම්මාන හා සහතිකපත් පිරිනැමෙන බව විද්‍යාර්ථ ක්‍රීඩා පදනමේ සභාපති චමින්ද කොඩිකාර මහතා පවසයි.

මේ ක්‍රිකට් සම්මාන උළෙලට විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක, විදුහල්පති අශෝක දිසානායක, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුමිත් දයානන්ද, ලේකම් රෝහණ ඉන්ද්‍රවංශ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වෙති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා