කැන්රිච් පිලට ජය

කැන්රිච් පිලට ජය

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණඩය යටතේ පැවැති තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම සමත්විය.

'බී' කාණ්ඩය යටතේ පැවැති දෙවැනි තරගයෙන් සිංගර් ශ්‍රී ලංකා පිල ලකුණු 26කින්ද, තෙවැනි තරගයේදී එල් බී ෆිනෑන්ස් පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 40ක ජයක් ද හිමිකර ගැනීමට කැන්රිච් පිල සමත්විය.

තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයේදී කැන්රිච් පිල ලකුණු 107ක් රැස්කළ අතර සිංගර් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 81ක් පමණි.

එල් බී පිල සමග තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්රිච් පිල ලකුණු 212ක් රැස්කළේය. ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය එල් බී පිලට තරගය නතර කරනවිට ලබාගත හැකිවූයේ කඩුලු 6කට ලකුණු 104ක් පමණි. ඒ වනවිට තරගයේ ජය හිමිකර ගැනීමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එල් බී පිල ලකුණු 144ක් ලබාගත යුතුව තිබිණි.

දෙවැනි තරගය

කැන්රිච්-107 හෂාන් රණසිංහ 39 (චරිත් කීර්තිසිංහ 16/3, ෂානුක ඩිලාජ් 13/2)

සිංගර්-81 තීක්ෂණ හෙට්ටිආරච්චි 36 (ප්‍රභාත් ජයසූරිය 22/5, කසුන් විදුර 17/3)

තෙවැනි තරගය

කැන්රිච්-212 හංස ප්‍රනාන්දු 51, විශ්ව දීමන්ත 44, අශාන් සිල්වා 35 (යෂාන් සමරසිංහ 31/4, තාරක සොයිසා 36/2)

එල් බී-104/6 මිනෝද් භානුක 37 (ප්‍රභාත් ජයසූරිය 29/3, ඩිලේෂ් බුද්ධික 21/2)

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා