ගෝලයක් ලබාගෙන ප්‍රීතිවෙද් දී පාපන්දු ක්‍රීඩකයා මිය යයි

ගෝලයක් ලබාගෙන ප්‍රීතිවෙද් දී පාපන්දු ක්‍රීඩකයා මිය යයි

පාපන්දු තරගයකදී තමන් ලබා ගත් ගෝලයෙන් ප්‍රීතිවෙද්දී සුසුම්නාවට හානි සිදුවීමෙන් ඉන්දියාවේ තරුණ පාපන්දු ක්‍රීඩකයෙක් මියගොස් තිබේ.

ඉන්දියාවේ නැ‍ඟෙනහිර සීමාව සමීපයේ පිහිටි කව්සවුල් නුවර පැවැති දේශීය තරගයේ දෙපිල සම කිරීමේ ගෝලය ලබා ගත් 23 හැවිරිදි පීටර් බියක්සංසුවාලා, අනතුරුව හිසෙන් පසුපසට වැටෙන පරදි කරණම් කිහිපයක් ගසා තිබේ.

ඔහු වේදනාවෙන් බිම දිගාවී සිටියදී අනතුරු ගැන නොදත් ඔහුගේ කණ්ඩායම් සගයන් පීටර් මතට පැන ගෝලය ලබා ගැනීමේ ප්‍රීතිය සමරා ඇත. ඉන්පසුව තුවාළයේ බරපතළකම වටහා ගත් ඔවූහු ගිලන් ඇඳක් ගෙනෙන ලෙසට දන්වා තිබේ.

රෝහලේදී වෛද්‍යවරුන් ඔහුගේ හානි සිදුවූ සුසුම්නාව යළි යථා තත්ත්වයට පත්කිරීමට ප්‍රතිකාර කරද්දී පාපන්දු ක්‍රීඩකයා මියගොස් තිබේ. මිය යාමට පෙර මේ තරුණයා ඔහුගේ ඇස් පරිත්‍යාග කර තිබේ.

පීටර් බියක්සංසුවාලා සිහිවීම පිණිස පාපන්දු තරගයක් පැවැත්වීමට දේශීය පාපන්දු සංගමය කටයුතු කරගෙන යයි.

ගෝලයක් ලබා ගැනීමෙන් පසුව ප්‍රීති වීමේදී පාපන්දු ක්‍රීඩකයන්ට තුවාළ සිදුවූ අවස්ථා මීට පෙරද වාර්තා වී තිබේ. එහෙත් එයින් මියයාමේ පුවතක් මෙතෙක් වාර්තා වී නොතිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා