බස්නාහිර පළාත් අන්තර් සමාජ බැඩ්මින්ටන් 14දා සිට

බස්නාහිර පළාත් අන්තර් සමාජ බැඩ්මින්ටන් 14දා සිට

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන අන්තර් සමාජ බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් මස 14, 15 සහ 16 දිනවල ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගී විය හැක්කේ බස්නාහිර පළාතේ ආයතනවලට සහ කී‍්‍රඩා සමාජවලට පමණි. තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව හිමිකර ගන්නා කී‍්‍රඩා සමාජ සඳහා වටිනා ත්‍යාග සහ සහතික පිරිනැමේ.

අයැදුම්පත් මේ මස 31 වැනිදාට පෙර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ තරග ලේකම්, ‘ෂට්ල් පවර්’ බැඩ්මින්ටන් කී‍්‍රඩාගාරය, 136, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතු බව තරග ලේකම් අසංක පීරිස් මහතා පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා