මුද්‍රණය සඳහා

 
උතුරු පළාතේ පළමු තණ තිල්ල (ටර්ෆ් විකට්)

උතුරු පළාතේ පළමු තණ තිල්ල (ටර්ෆ් විකට්)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ සංකල්පයක් අනුව යාපයන සාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේ ඉදිකළ උතුරු පළාතේ පළමු තණ තිල්ල (ටර්ෆ් විකට්) ඊයේ පෙරවරුවේ සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, විශේෂ බලකා අණදෙන නිලධාරී ජෙනරාල් උදය පෙරේරා, සාන්ත පැට්‍රික් විදුහල්පතිවරයා සහභාගි වූහ. තණ තිල්ල විවෘත කිරීමෙන් පසුව ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ උතුරු නැගෙනහිර පළාත් අවුරුදු 23න් පහළ කණ්ඩායමක් අතර ඕවර විස්සයි20 සුහද ක්‍රිකට් තරගයක් ද පැවැත්විණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]