විභාගයට ගිය වංචනික සිසුන්ට අභාග්‍ය උදාවෙයි

විභාගයට ගිය වංචනික සිසුන්ට අභාග්‍ය උදාවෙයි

[2014-10-30 10:30]

වංචනික ගුවන් විදුලි තරංග මඟින් උත්තර සැපයීමට උත්සහ කළ චීන සිසුන් 2440 ක් අල්ලා ගැනීමට චීන අධ්‍යාපන බලධාරීන්ට හැකිවූ බව වාර්තාවේ.

ඖෂධවේදීන් සඳහා චීනයේ සියෑං නගරයේ මෙම විභාගය පවත්වා ඇති අතර ඒ සඳහා සිසුන් විසිපන් දහසක් පමණ පෙනී සිට ඇත.

මෙම වංචනික ක්‍රියාව සංවිධානය කළ පිරිස සිසුන්ගෙන් ඩොලර් 330 ක පමණ මුදලක් අයකර තිබේ.

ඔවුන් විභාග ශාලාවෙන් පිටත සිට නියෝජිතයින් යොදාගනිමින් ප්‍රශ්නවලට පිළිතුරු ගුවන් තරංගා ඔස්සේ සිසින් වෙත ලබා දී තිබේ.

සිසුන් ඒ සඳහා ශ්‍රවණ උපකරණ පැළඳ සිටි අතර ඇතැම් සිසුන් වෙනත් විද්‍යුත් උපකරණ යොදාගනිමින් අවශ්‍ය පිළිතුරු ලබා ගෙන ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා