මහින්ද චින්තන‍යේ පදනම හා අනාගත ශ්‍රී ලංකාව

මහින්ද චින්තන‍යේ පදනම හා අනාගත ශ්‍රී ලංකාව

දිවංගත ඩී. ඒ රාජපක්ෂ මැතිතුදුන්ගේ 47 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය වූ ගුණ සමරු දේශනය අරලියගහ මන්දිරයේදී පෙරේදා (03) දා පැවැත්විණි‍. මේ උළෙලේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය‍. මහින්ද චින්තනය පදනම සහ අනාගත ශ්‍රී ලංකාව යන මැයෙන් වූ ප්‍රධාන දේශනය මහාචාර්ය සම්පත් අමරතුංග විසින් පවත්වන ලදී. මේ ඒ දෙසුමයි.

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ 47 වැනි ගුණසැමරුම නිමිත්තෙන් සංවිධානය කළ ගුණානුස්මරණ ‍දේශනය අරලියගහ මන්දිර‍යේ දී ‍පෙ‍රේදා (03) පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ආරාධිතයින් පිරිස ජාතික ගීය ගායනා කරන අයුරු

ගැමි සුවඳින් ඉපිද ජීවත්වන මිනිසා තුළ ජනිතව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කරන අනාගත දැක්ම ශ්‍රී ලංකා‍වේ සංවර්ධනය සඳහා වූ මහින්ද චින්තනය නම් නිර්මිත චින්තාවලියයි. අප සම්මන්ත්‍රණ‍යෙහි ‍යෙ‍දෙන ප්‍රායෝගිකව ශ්‍රී ලංකා ‍පො‍‍ළො‍වෙහි පිබි‍දෙන මහින්ද චින්තන‍යේ පදනම පිළිබඳ කිසිදු විද්ව‍තෙකු සම්මන්ත්‍රණයක නිරතවූ‍යේ නැතැයි පැවැසීම නිවැරැදි යයි සිතමු. ‍දොන් ඇල්වින් රාජපක්ෂ නම් යුග පුරුෂයා‍ගේ ගුණානුස්මරණ ‍දේශන‍යේ දී මහින්ද චින්තනය නම් වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, ‍දේශපාලන සහ තාක්ෂණික නියමාවලි‍යෙහි පදනම ‍සොයා යාම කා‍ලෝචිත ව්‍යායාමයකැයි සිතමි.

මහින්ද චින්තන‍යේ පදනම බිහිවනු‍යේ හම්බන්තොට දිසා‍වේ ගිරුවාපත්තු‍වේ ‍දොන් ‍ඩේවිඩ් රාජපක්ෂ විදා‍නේආරච්චි පරපු‍රේ වර්තමාන නියමුවාණන්ගෙනි. ‍දේශපාලනයට හිතවත්කමක් තිබූ ශ්‍රී ලාංකික ‍දේශපාලන ඉතිහාස‍යේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමඟ ‍දේශපාලන ‍පෙරළියක් සිදුකළා වූ පාර්ලි‍මේන්තු‍වේ නි‍යෝජ්‍ය කථානායක ධූරය සහ කෘෂිකර්මාන්ත හා ඉඩම් පිළිබඳ කැබිනට් ඇමැති ධූරය දැරූ රාජපක්ෂ පරපු‍රේ ‍දොන් ඇල්වින් රාජපක්ෂ ‍හෙවත් ඩී.ඒ රාජපක්ෂ ශ්‍රීමතාණන් මහින්ද චින්තන‍යේ නියමුවාණන්ට ජීවය ‍දෙමින් මහින්ද චින්තනයට අවැසි පදනම ලබා ‍දෙන්නේය.

* ගැමි සුවඳැති මිනිසා

අධිරාජ්‍යවාදී ආර්ථීක ප්‍රතිපත්ති‍යෙන් විනාශ ‍වෙමින් පැවැති කෘෂි ආර්ථික හා වාරි සංස්කෘතික උරුමය රැකගැනීම උ‍දෙසා කුඹුරු අහිමි ‍ගොවීන්ට 99 අවුරුදු බදු ක්‍රමය යට‍තේ ගිරුවාපත්තු‍වේ තිබූ රජ‍යේ ඉඩම් ලබා‍දෙමින් හම්බන්තොට දිසා‍වෙන් කෘෂි හා වාරි සංස්කෘතිය නඟා සිටුවී‍මේ පු‍රෝගාමියා වූ ඩී.ඒ රාජපක්ෂ ශ්‍රීමතාණන් කෘෂිකර්මයට ඇති ජානගත ඥාතිත්වය නිසාම කෘෂිකර්මාන්ත හා ඉඩම් පිළිබඳ කැබිනට් ඇමැතිවරයා වී සිය ‍දේශපාලන ජීවිත‍යෙන් විදහා දැක්වූ කෘෂි හා වාරි සංස්කෘතිය, ගැමිකම, රට රැකී‍මේ අභීතකම සිය දූ දරුවන්ගේ ජීවන දැක්මට ගළපනු‍යේ අනාගත දි‍නෙක ශ්‍රී විභූති‍යෙන් යුත් රටක් මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ට උරුම කරදීම සඳහාය.

එවන් සන්දර්භයක් තම පදනම ‍ලෙස ‍යොදා ගනිමින් නවීන ‍ලෝකයට ගැළ‍පෙන ආර්ථික, සංස්කෘතික, සමාජයීය, ‍දේශපාලන හා තාක්ෂණික පරිසරයක් නුදුරු දි‍නෙක ‍ගොඩනඟන්නට හැකි මහින්ද චින්තනය මහින්ද රාජපක්ෂ මහතා‍‍ගේ සි‍තෙහි උත්පාදනය වනු‍‍යේ ඩී.ඒ රාජපක්ෂ ශ්‍රීමතාණන් උරුම‍යෙන් ‍ගෙන ආ දුටුගැමුණු, විජයබාහු ආදී රුහු‍ණෙන් බිහිවූ ‍පෙර රජ දරුවන්ගේ පරපුර නි‍යෝජනය කළ නිසායැයි කිව හැකිය.

හු‍දෙක් විඥානික පදනමක් මත ‍ගොඩනැඟූ චින්තාවක් වන මහින්ද චින්තනය විජය රජු‍ගෙන් ඇරැඹි සිංහල වංශ කතා‍වේ ‍නොමැ‍‍කෙන කරුණු, කාරණා, සිද්ධි ආදී වූ ‍ඵෙතිහාසික මාර්ගෝප‍දේශනයන් පාදක කරගනිමින් අතීත ශ්‍රී විභූතිය නැවත ජනිත කිරී‍මේ පරම අදිටනින් බිහිවූ බව පැවසීමට කරුණු කාරණා ‍බො‍හෝය.

ගමික වැව්, මහ වැව්, දනව්ව ආදී ‍ලෙස වැව් සහ වාරි සංස්කෘතිය බිහිකළ ‍පෙර රජ දරුවන් ව‍රෙක ‍දේශාන්තරයන්ට ද කෘෂි නිෂ්පාදන යැවීමට සමත් විය. මහ‍සෙන් ‍දෙවියන් වූ මහ‍සෙන් රජු මින්නේරිය වැව ඇතුළු වැව් 18ක් පමණ කරවූ බවට අප වංශ කතාව කියයි. ක්‍රිස්තුපූර්ව 4වන සියව‍සේ දී පමණ බිහිවූ අභය වැව, බුදුදහ‍මෙන් ‍පෝෂිතව අනුරාධපුර‍යේ බිහිවූ තිසාවාපි ‍හෙවත් තිසාවැව අනුව යමින් ඇරැඹි කෘෂි හා වාරි කර්මාන්තය ‍ලොව ‍‍මෙ‍තෙක් කිසිදු ජාතියකට හිමිකමක් නැති අපටම පමණක් අා‍වේණික ‍ගෝලීය උරුමයක් බව සහතිකය.

කෘෂි හා වාරි සංස්කෘතියක් ජනිත කර අමිල ‍සේවයක් කළ ‍පෙර රජවරු අනුව යමින් මහින්ද චින්තාවලිය ‍ගොඩනගනු‍යේ ‍පෙර කුඩා කළ හම්බන්‍තොට ගිරුවාපත්තු‍වේ ලද අත්දැකීම් ‍පෙරටු කර‍ගෙනය. ‍පෙර රජවරුන් අනුව යමින් ඔවුන්ගේ දැක්ම සිය චින්තාවට ගත් එවකට අගමැති වූ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ආ‍ලෝකය ‍ගෙනදී‍මේ අදිටනින් සිය මහින්ද චින්තනය පදනම් කරගත් බව සැබෑවකි. ඒ නිසා‍වෙන්ම ජීවන බරට සැහැල්ලුවක් සැපයී‍මේ පරම අදිටනින් බත බුලතින් සපිරි අග හිගකමින් ‍තොර ඉසුරුමත් රටක් තැනී‍මේ කාර්භාර මහින්ද චින්තන‍යේ මුඛ්‍ය පදනම ‍වෙයි.

සාමකාමී සහජීවනය අගය කළ රජ පරපුරක් අපිට හිමිවූ නිසා‍‍ම අතීත‍යේ දී ආර්ථික, සමාජයීය, සංස්කෘතික, ආගමික ‍මෙන්ම සාහිත්‍යමය අංශයන්ගෙන් සිදුවූ සංවර්ධනය අතිමහත් ‍වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල‍යේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යා පීඨ‍යේ හිටපු පීඨාධිපති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිෂන් සභා‍වේ සාමාජික මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන දේශනය කළ අයුරු. මේ අවස්ථාවට සහභාගීවූ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ද මෙහි වෙති.

නමුත් වරින් වර සතුරු උවදුරු ‍නොතිබුණා ‍නො‍වේ. ක්‍රිස්තුපූර්ව ‍දෙවැනි සියව‍සේ දී දමිළ ර‍ජෙකු වූ එලාර සමඟ සටන් වැද ලක්දිව එක්සත් කළ දුටුගැමුණු රජු ‍මෙන්ම යාපා පටුන ජයගත් සපුමල් කුමරු ‍මෙන්ම දසක තුනක් තිස්සේ දුකින්, බි‍යෙන්, ත්‍රාස‍යෙන් ජීවත් වූ මිනිසා‍ගේ එකම පැතුම වූ කුරිරු යුද්ධ‍යෙන් නිමාව මහින්ද චින්තන‍යේ චින්තාවක් වනු‍යේ ‍පෙර රජදරුවන් අනුව යමින් නිවහල්, නිරවුල් රටක් ජනිත කිරී‍මේ අතීත ශ්‍රී ලාංකිකත්වය දීනත්වයට එ‍රෙහිව නැඟී සිටී‍මේ වීරත්වය නිසා‍ය.

ක්‍රිස්තුවරෂ 10 වැනි සියව‍සෙහි අනුරාධපුර, ‍පො‍ළොන්නරු ප්‍රදේශය යටත් කරගත් ‍චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමට රුහුණින් පැන නැඟුණු කිත්ති කුමාරයා‍ගේ යුග ‍මෙ‍හෙවර මල්ඵල ගැන්වූ‍යේ මහා විජයබාහු නමින් 1074 දී ‍චෝලයන් පලවා හැර ලක්දිව එක්සේසත් කරමිනි. ඒ භූමිකාවට පිවිස කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා රුහුණින් පැනනැඟුණු ‍දෛ‍වෝපගත මහින්ද රාජපක්ෂ ජන නායකයා නැවත ලක්දිව එක්සත් ක‍ළේ වර්ෂ 2009 දී මුළු මහත් ‍ලෝකයම මවිත කරවමිනි.

‍පෙර දුටුගැමුණු වැනි රණකාමීන් මෙන් රට, ජාතිය, ආගම රැකගැනී‍මේ පදනම මහින්ද චින්තන‍යේ පදනම වූ නිසා‍ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ ජනපතිදුන් බව ‍බො‍හෝ ‍දෙනා අදහස් කරති. මහින්ද චින්ත‍යේ පදනමට යාපා පටුන දිනා ආ සපුමල් කුමරුවන්ගේ අතීතාවලෝකනය පාදක ‍නොවූ‍යේ යැයි කිසි‍වෙකුටත් පැවසිය හැකිද ?. අතීත ශ්‍රී ලංකා‍ව කෘෂි ආර්ථිකය ‍මෙන්ම වාණිජ මධ්‍යස්ථානයක් වූ බව අපි දනිමු. ‍වෙ‍ළෙඳ හා සංස්කෘතික මාවත ‍හෙවත් ‍සේද මාවත ඔස්සේ ආසියා‍වේ සිට බටහිරටත් නැ‍නෙහිරටත් ‍වෙළඳාම ව්‍යාප්ත වූ‍යේ ‍ලෝක‍යේ ‍බො‍හෝ රටවල ‍වෙ‍ළෙදාම සඳහා පහසුකම් සැපයීමටය. ලංකාව නාවික මධ්‍යස්ථානයක් වූ නිසා‍ම ‍බො‍හෝ ‍වෙ‍ළෙඳ නැව් ශ්‍රී ලංකා‍වේ පිහිටි ‍පෞරාණික වරායන් ‍වෙත ‍සේන්දු විය.

* සෞභාග්‍යවත් හෙට දවසක්

‍සේද මාවත ඔස්සේ අතීත විභූතිය ජනිත වූ ශ්‍රී ලංකාවට අනාගත සමෘද්ධිය උ‍දෙසා ‍‍ගෝලීය පංච මහා ‍කේන්ද්‍රය තුළින් නාවික ‍කේන්ද්‍රස්ථානයක් මහින්ද චින්තන‍යෙන් ඉදිරිපත් කරන්නේ ඒ නිසාවෙනි. නාවුක ‍කේන්ද්‍රස්ථානයක් ‍ලෙසට හම්බන්තොට, දකුණු ‍කොළඹ හා ගාල්ල ආදී ප්‍රධාන වරායන් ඇතුළු අ‍නෙකුත් වරාය සංවර්ධනය කරමින් යාත්‍රා කරනු ලබන විශාල නැව් සංඛ්‍යාවකට විවිධ පහසුකම් සැපයී‍මෙන් නාවුක ආර්ථික සංකල්පය පැරැණි ‍සේද මාවත ඔස්සේ නැවත ජනිත කිරීමට, ඒ තුළින් අතීත වාණිජ මධ්‍යස්ථානයක්ව පැවැති ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථිකයක් ‍ගොඩනැඟීමටත් හැකි චින්තාවක් මහින්ද චින්තන‍යෙන් ඉදිරිපත් කරන්නේය.

අද ‍ලෝක‍යේ ‍බො‍හෝ රටවල් ගුවන තරණය කරමින් තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා ගමන් කරයි. නමුත් මීට වසර 3000ට ‍පෙරාතුව ද ‍ලෝකයට ම ගුවන් ගමන් පිළිබඳ සංකල්පය හදුන්වා ‍දෙන්නේ රාවණ ඉතිහාස‍යෙනි. විජය රජු‍ගෙන් මූලාරම්භ වූ සිංහල වංශ කතා‍වේ දී පාහියන් බුද්ධ‍ගෝෂ වැනි භික්ෂූන් වහන්සේලා‍ගේ ආගම‍යෙන් ඇරැඹි ‍දේශ ග‍වේෂය සක්‍රිය කිරීමටත් ඒ හරහා ආර්ථික වාසි අත්පත් කර ගැනීමටත් ‍සේද මාව‍තෙන් ඔබ්බට ගුවන් ‍කේන්ද්‍රස්ථානයක් ‍ලෙසට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරී‍මේ චින්තාවලිය මහින්ද චින්තන‍යෙන් විද්‍යාමාන කරනු‍යේ ආර්ථික මධ්‍යස්ථානයක් ‍ලෙසට වි‍දේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනී‍මෙන් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට ඇති දූරදර්ශී අවස්ථාවන් කළමනාකරණය කිරී‍මේ ප්‍රතිඵලයක් ‍ලෙසටය. මත්තල ‍දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටුපල, කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපළ ආදී ගුවන් ‍තොටුපළ ‍මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනය කිරී‍මෙන් ශ්‍රී ලංකා‍වේ අසිරිමත් ‍දේ නැරැඹීමටත් පහසු‍වෙන් වාණිජ කටයුතුවල ‍යෙ‍දෙමින් දියුණුවීමටත් හැකියාවක් ‍දෙස් වි‍දෙස් සැමට ලැ‍බෙනු ඇත.

අතීත ශ්‍රී ලංකාව බත බුලතින් ස්වයං ‍පෝෂිත වූවා ‍‍මෙන්ම බලශක්තිය අතින් ද ස්වයං‍පෝෂිත රාජ්‍යයකි. කිසිදු අතීත පුරාවෘත්තයක ‍හෝ ‍ඵෙතිහාසික ‍ලේඛනයක ‍හෝ අතීත කතා පුවතක අප රට වි‍දේශීය බලශක්තිය උප‍යෝජනයක් සිදුකර ඇති බවට සාක්ෂි ‍පෙන්වා ‍නොමැත. අප අපටම අවශ්‍ය බලශක්ති භාවිත‍යෙන් ස්වයං‍පෝෂිත රාජ්‍යයක් වූ නිසා‍ අතීත ලංකා‍වේ බලශක්ති අර්බුදයක් ‍‍නොතිබුණි. වර්තමාන සංකීර්ණ ආර්ථික පද්ධතිය තුළ අප හමු‍වේ ඇති මහත් ගැටලුව වනු‍‍යේ බලශක්ති අර්බුදයයි. මහින්ද චින්තන‍යෙන් ‍දේශීය බලශක්ති අර්බුදය පිළිබඳ වි‍ශේෂ අවධානයක් ‍යොමු කරමින් අපටම උරුම වූ අප‍ගේම බලශක්ති ප්‍රභවයක් ජනිත කරමින් බලශක්තිය අතින් ස්වයං‍පෝෂිත වීමටත් ශ්‍රී ලංකා මුහුදු සීමාව ඔස්සේ දි‍වෙන නැව්වලටත් ගුවන් යානාවලටත් ඉන්ධන සපයනු ලබන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා‍‍වේ ජනිතකර ‍ලෝක‍යේ බලශක්තිය අතින් ප්‍රබල ස්ථානයක් ඇතිකිරීම මහින්ද චින්ත‍යෙන් අ‍පේක්ෂා කරනු ලබයි.

මිහිදු හිමියන් ලක්දිවට වැඩම ‍කොට වදළ බුදුදහමින් ලක් වැසියන්ගේ නැණගුණ බල වීර්යන් සංවර්ධනය වූ‍යේය. එවකට ආසියා‍වේ පමණක් ‍‍නොව ‍ලොව ප්‍රබල අධ්‍යාපනික මධ්‍යස්ථානයක් පැවැති‍යේ දකුණු ආසියා‍වේ යැයි කීමට කිසි‍වෙකුත් මැළි ‍‍‍‍නො‍වෙති. අතීත මහා විහාරීය භික්ෂු පරපුර විසින් ‍නොකඩවා පවත්වා‍ගෙන ආ අමිල බුදුදහම ‍ලෝකයාට ‍බෙදාදී‍මේ අධ්‍යාපනික මධ්‍යස්ථානය වූ‍යේ ‍මේ ශ්‍රී ලංකාද්වීපයයි. අනතුරුව අභයගිරි, ‍ජේතවන සම්ප්‍රදායන් ඔස්සේත් අෂ්ඨ මූලායතන ඔස්සේත් පිරි‍වෙන් ඔස්සේත් ලංකා‍වේ අධ්‍යාපනය ලැබීම සඳහා වි‍දෙස් විද්වතුන් පවා අ‍පේ රටට පැමිණිය.

අප අධ්‍යාපන ක්‍රම‍යේ පැවැති ශක්තිය 1887 දී ප්‍රකාශිත ගයිගර් දුටු ලංකාව නම් ග්‍රන්ථ‍යෙන් විල් හෙල්ම් ගයිගර් මහාචාර්යවරයා කළ ප්‍රකාශ‍යෙන් තහවුරු ‍වෙයි. අධ්‍යාපන‍යෙන් ඉදිරි‍යෙන්ම සිටින රටක් වන අප තව තවත් විශ්ව ගම්මාන‍යේ ඉදිරි දැනුම ජනිත කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් අවැසි වටපිටාව මහින්ද චින්තන චින්තාවලි‍යෙන් ඉදිරිපත් කිරීමට ‍ගෝලීය පංච මහා ‍කේන්ද්‍රයෙහි අධ්‍යාපනය සඳහා ඇති ඉඩකඩ විශාල යැයි පැවැසීමට හැකිය. ‍පෙර රජදරුවන් බුදුදහ‍මේ දැනුම් ‍කේන්ද්‍රස්ථානයක් ‍ලෙසට සංවර්ධනය කළ ඒ අතීත පදනම වර්තමාන ‍‍ලෝක‍යේ දැනුම් ‍කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට මහින්ද චින්තාවලිය ‍යොමු වන්නේය.

* පෙර රජ දැක්ම

තවදුරටත් ඉදිරියට යමින් ගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත්, වෘත්තිකයන්ගේ කේන්ද්‍රීය කලාපයක් කිරීමටත්, උසස් වෛද්‍ය පහසුකම් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටත් අවැසි පිඹුරුපත් සකසා ඒවා ක්‍රියාත්මක වෙමින් පවතී. රුවන්වැලි මහ සෑය, මිරිසවැටි මහ සෑය, අභයගිරි මහ සෑය වැනි මහා වෙහෙර විහාර කර්මාන්ත, තිසා වැව, බසවක්කුලම වැව වැනි වැව් හා වාරි කර්මාන්ත, සීගිරි ආදී චිත්‍ර කලා නිර්මාණ විද්‍යමාන කරනුයේ ඓතිහාසික ශ්‍රී ලාංකික උරුමය යි.

ඒ නිසා වසරකට ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පමණක් නැරඹීමට හා අධ්‍යයනය කිරීමට පැමිණෙන විදේශිය සංචාරකයන් සංඛ්‍යාව අති මහත් ය. ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් ලද ස්වභාව සෞන්දර්යයත්, ඓතිහාසික වෙහෙර විහාර වැව් දා ගැබ් ආදියෙන් මතුවන අධ්‍යාපනික හා ආධ්‍යත්මික සංවර්ධනයත් නැරඹීමට මෙන් ම විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට නැතහොත් සංචාරක කර්මාන්තයට අවශ්‍ය නවීන යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ලෝකයේ සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සුදුසු වූ චින්තාවක් මහින්ද චින්තනයට අනුගතකර ක්‍රියාත්මක කරන්නේ ය.

බුද්ධදාස වැනි රජදරුවන් ප්‍රගුණ කළ වෙදකම මෙන් ම හෙදකම ත් උරුම වූ අප මිනිසාට පමණක් නොව සතා සිවුපාවන්ට පවා වෙද හෙදකම් කළ ජාතියකි. දේශීය වෙදකමේ මහිමය වෙද පරම්පරා තුළින් විඳගනු ලබන අප, එවන් වෙද හෙද කමකට සිත් වූ ජාතියක් ලෝකයේ නවීන වෛද්‍ය පහසුකම් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට මහින්ද චින්තනය නම් වූ චින්තාවලිය අද දිනයේ යථාර්ථයක් කර පෙළගැසෙමින් ඇත.

අතීත ශ්‍රී විභූතියෙහි මංසලකුණු මැනවින්මහින්ද චින්තනයෙන් ගෝලීය අට මහා කේන්ද්‍රස්ථානයන් හරහා ශ්‍රී ලංකාව සංවර්ධනය කරමින් සිටී. සේද මාවතට සමගාමී ව දකුණු කොළඹ වරාය, ගාල්ල වරාය, හම්බන්තොට වරාය, ඕලූවිල් වරාය, යාපන වරාය ආදියෙන් වරාය පද්ධතිය සංවර්ධනය වන විට බලශක්තියට විසදුමක් ලෙසට නොරොච්චෝලේ, කොත්මලේ සහ කෙරවලපිටිය ආදී විදුලි බලාගාර තනමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බලශක්ති පිරිවැය අඩු කිරීමටත් එමඟින් තරගකාරීත්ව වාසි ලබාගැනීමටත් හැකිවෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පතක් ලෙසට හදුනාගත් තෙල් නිධි පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මේ වනවිටත් සිදුවෙමින් පවතිනුයේ මහින්ද චින්තනයේ ඉදිරි දැක්මට අනුව ය. කොට්ටාවේ සිට ගාල්ලටත්, ඉන් පසුව ගාල්ලේ සිට මාතරටත් විහිදුනු අධිවේගී මාර්ගය තව නොබෝ දිනකින් මාතර සිට හම්බන්තොට දක්වා දිවෙනු ඇත.

කොට්ටාවේ සිට කඩුවෙලටත්, පෑලියගොඩ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාත් ඉදිවුණු අධිවේගී මාර්ග වැඩි ඈත නොවන අනාගතයේ දී මහනුවරටත් යාපනයටත් ඉදිවනුයේ මහින්ද චින්තනය නිසා ය. අධිවේගී මාර්ගවලට අමතරව සමස්ත රට පුරා ඉදිවෙන දැවැන්ත මහා මාර්ග පද්ධතිය වරා හා ගුවන් තොටුපොළ ආදිය මඟින් දේශීය විදේශීය වෙළෙඳාමට අවැසි යටිතල පහසුකම් සපයමින් පවතී. මහින්ද චින්තනය ඔස්සේ දැනුම් පිපාසිත දරුවන්ට සයිබර් අවකාශයේ සැරිසරමින් නොනිමි දැනුමක් ලබා දීමට ත්, මහින්දෝදය විද්‍යාගාර ආදී සංකල්ප හරහා තාක්‍ෂණය ගමට ගෙනයාමත් සිදුවෙමින් පවතී.

ගමේ බලය රටට, යන සංකල්පය මෙන් ම විනය ගරුක-නීති ගරුක සදාචාර සමාජයක් ගොඩනැගීමත්, රාජ්‍ය සේවය ජනතා හිත සුවය සඳහා ම කැපකිරීමත් මහින්ද චින්තනයේ සක්‍රීය කාර්යයන් වේ. පෞද්ගලික රෝහල් සමඟ තරග කිරීමට හැකියාවක් ඇති රාජ්‍ය රෝහල් පද්ධතියක් නවීන උපකරණ සහ ගොඩනැගිලි ආදියෙන් සමන්විත ව බිහිවෙමින් පවතිනුයේ මහින්ද චින්තනයේ දැක්ම අනුව ය. දිවි නැගුම සංකල්පය ඔස්සේ ,ඒකීය ග්‍රාමීය කුටුම්බක, සංකල්පය සංවර්ධනය කරමින් ග්‍රාමීය මට්ටමේ වෙළෙඳ, කෘෂිකර්ම ආදී ගැටලූ සඳහා විසදුම් ග්‍රාමීය මට්ටමින්ම විසඳීමට අවශ්‍ය බලගැන්වීමක් සිදුකරනුයේ මහින්ද චින්තනයෙනි. දිළිදු පැල්පත් වෙනුවට ඒකල නිවාස මෙන් ම තට්ටු නිවාස ඉදිවෙන යුගයක, අක්‍රමවත්, ආකර්ෂණයක් රහිත නගර, ආකර්ෂණීය නගර බවට පත් කිරීමට නගර සංවර්ධනය සිදුවෙමින් පවතිනුයේ මහින්ද චින්තනය යටතේ ය.

* අමරණීය ජනතා චින්තනය

බහුතර සම්මුතියකින් ගොඩනැ‍ඟෙන තිරසාර සාමය ජන ජීවිතය නිවහල් චින්තනයක් ඔස්සේ දියුණු වෙමින් පවතී. තුවක්කු, බිම් බෝම්බ, ගරිල්ලා සටන් ආදී යුද මූලික ගීත, නාට්‍ය, සිනමා පට වෙනුවට වීරත්වය, ශ්‍රී ලාංකික ඉතිහාසය හා බෝසත් චරිතය ගීයටත්, නාට්‍යයටත්, සිනමාවටත් වස්තු බීජ වෙමින් අද දිනයේ ලාංකික සමාජයට නැවුම් රසාස්වාදයක් මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කෙරේ.

හරිත ලංකාවක් ගොඩනඟන මහින්ද චින්තනය දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට පහසුකම් සපයයි. මහින්ද චින්තනය සයුරේ සම්පත මෙන්ම වැවිලි කර්මාන්තයට නව පුනරුදයක් ගෙන දෙමින් පවතී. යුද්ධයෙන් ගිනිබත් කළ යාල්දේවී දුම්රිය වසර විසි හතරකට පසු උතුරුකරයේ සහෘද ජනයාගේ දෛනික ජීවන ගමනට හෘදයාංගම ආගමනය මෑත අතීතයේ දී සිදුකරනුයේ මහින්ද චින්තනයේ විස්මයෙනි.

* සේද මාවතේ නව ආර්ථිකය

මේ සියලූ ව්‍යායාමයන්ගේ අවසන් ඵලය ලෙසට වර්ෂ 2016 දී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,000 ක ඉලක්කය කරා රට මෙහෙයවීමත්, වර්ෂ 2020 දී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 10,000 ක ඉලක්කය කරා රට මෙහෙයවීමත් ඉලක්ක වන්නේ ය. ඌන සංවර්ධිත තත්ත්වයෙන් සංවර්ධිත තත්ත්වයට ශ්‍රී ලංකාව මෙහෙයවන මහින්ද චින්තනය, දිනෙක ශ්‍රී ලංකා වංශ කථාවේ, අමරණීය ම ජනතා චින්තනය,වනු ඇත.

මහින්ද චින්තනය දිනෙක අමරණීය ජනතා චින්තනය වීම දුර ඈතක නොවේ. ශ්‍රී ලාංකික සියල්ලෝ ම මහින්ද චින්තනයෙන් ජීවය ලබා ඇත්තෝ ය. බටහිර ආගමනයෙන් කඩා වැටුණු ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන මෙන්ම සහජීවනයේ පදනමත්, ආධ්‍යාත්මික පද්ධතියත් නැවත ගොඩනඟන්නට නිදහසින් පසු රට පාලනය කළා වූ සියලූ රාජ්‍ය නායකයන් උත්සාහයක යෙදුණත්, අතීත ශ්‍රී ලංකාව අනාගත ශ්‍රී ලංකාව සමඟ යා කිරීමේ දූරදර්ශී චින්තාවක්, මහින්ද චින්තනය, නමින් ඉදිරිපත් කර එයට පෞරුෂත්වයක් දෙන්නේ ය. ශ්‍රී ලාංකිකයන්ගේ සුවාසූ දහසක් ගැටලූ විසඳන්නට, තාදී ගුණයෙන් යුක්ත ව, ඍජු චරිතයක් නිදහසින් පසු අපට හිමිවනුයේ එම මහින්ද චින්තනයේ පෞරුෂයෙනි.

ආර්ථික ශක්තිය අතින් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධනය පහත වැටෙමින් පවතින අවදියක, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන බ්‍රික්ස් කණ්ඩායමේ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පහත වැටෙමින් පවතින අවධියක චීනය සමඟ උරෙන් උර ගැටෙමින් ආර්ථික සංවර්ධනයක් හිමිකර දෙනුයේ මහින්ද චින්තනයේ පෞරුෂත්වය යි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට නායකත්වය දෙමින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවේ දී නියෝජිත සමස්ත රටවලින් 1/4 ක් නියෝජනය කරනුයේ මහින්ද චින්තනයේ පෞරුෂත්වය යි. ලෝක රාජ්‍ය නායකයන් අතර දැවැන්ත පෞරුෂත්වයක් හිමි, ලෝක ප්‍රජාව අතරේ ජනප්‍රියම රාජ්‍ය නායකයා වන, ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ම ගෙනගිය, ඇති හැකි අයට චිරස්ථායී සංවර්ධනයත්, නැති බැරි අයට සමෘද්ධිමත් කුටුම්බයක සංවර්ධනය ත් හිමිකරදෙන, දහඩිය, බඩගින්න, ගැමිකම හදුනනා මිනිසාගේ කදුළට කදුළු හෙළනා, දෙමළ මුස්ලිම් සහෝදරත්වය සමඟ සහජීවනයෙන් රට පාලනය කරනු ලබන්නාවූ මහා පෞරුෂත්වය, මහින්ද චින්තනයේ පෞරුෂත්වය වේ. දේවානම්පියතිස්ස, දුටු ගැමුණු, වළගම්බා, විජයබා, පරාක්‍රමබාහු, සවෙනි ශ්‍රී පරාක්‍රමබාහු ආදී නරේන්ද්‍රයන් වෙන් වෙන් ව සිදුකළා වූ දැවැන්ත සංවර්ධන කාර්යයන් එකට කැටිකොට සාමයෙන් රට ගොඩනගන්නට හැකිවනුයේ මෙම මහින්ද චින්තනයේ පෞරුෂත්වයට ය.

ජාති භේද, ආගම් භේද නොතකන දකුණේ මිනිස්සුන්ට මෙන් ම උතුරේ මිනිස්සුන්ටත් ආදරය කළහැකි පෞරුෂත්වයක් මහින්ද චින්තනයට පවතින බව උතුරේ සහෘදයන්ට පණිවුඩයක් ලෙසට ගෙනයායුත්තේ පසුගිය කෙටි කාලය තුළ අප රටේ වෙනත් පළාත්වලට සාපේක්‍ෂව උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් ප්‍රතිසංවර්ධනය සහ සංවර්ධනය සඳහා වැයකළ විශාල මුදල් ප්‍රමාණය නිසා ය. මෙලෙස උතුරු හා නැ‍ඟෙනහිර පළාත් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 400 කට වැඩි විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ වැය කරමින් ත්‍රස්තවාදයේ කුරිරු ගිනි දැල්වලින් පිළිස්සී ගිය උතුරු නැ‍ඟෙනහිර දෙපළාත අද සංවර්ධනයේ හිරු කිරණෙන් පිබිදෙන්නේ මහින්ද චින්තනයේ පෞරුෂත්වයෙනි.

මහින්ද චින්තනයේ නැතහොත් අමරණීය ජනතා චින්තනයේ මහා පෞරුෂත්වය වෙන කිසිවෙකුත් නොව, ශක්තිමත් ගොවි පවුලකින් බිහි වූ කුරහන් සාටකයට ළබැඳියාවක් ඇති, මහින්ද චින්තනය නම් වූ චින්තාවලිය නිර්මාණය කර ශ්‍රී ලංකාව ම මහින්ද චින්තනයෙන් පුබුදුවාලන, ඈත ගිරුවාපත්තුවෙන් දේශපාලන පෙරළියක් සිදු කළ දොන් ඇල්වින් රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ අතිජාත පුත්‍ර මහින්ද රාජපක්‍ෂ අතිගරු ජනාධිපතිතුමා ම වන්නේ ය. ජනපතිතුමාවන් අභිමානවත් ලාංකිකයකු දැයට පමණක් නොව ලොවට හිමිකර දුන් ඞී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ට මුළු මහත් ජාතියේම ගෞරවාදරය හිමිවන්නේ ය.

* සංහිඳියාවේ පාලම

භගවත් ගීතාවේ ශ්‍රී කෘෂ්ණයන් පැවසූ පරිදි, සත් පුරුෂයන් සැමතින් ම ආරක්ෂා කිරීම පිණිසත්, දුෂ්ට විනාශනය පිණිසත්, ධර්මය මනා සේ පිහිටුවීමටත්, මම යුගයක් යුගයක් පාසා පහළ වෙමි යී සිතූ ඞී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්, එදා දුටුගැමුණුවන් බිහි කළා සේම, එදා විජයබාහුවන් බිහි කළා සේම, එදා සවෙනි ශ්‍රී පරාක්‍රමබාහුවන් බිහි කළා සේම එම පරපුර නැවත ශ්‍රී ලංකා පොළෝ තලයේ ජීවමාන කරමින් මුළු මහත් ජාතියකම ප්‍රාර්ථනාවන් ඉටුකරන්නට මහින්ද චින්තනය ඉදිරිපත් කිරීමට මහින්ද චින්තනය ජනතා චින්තනයක් කරන්නට හැකි රජෙකු බිහිකරන්නේ ය. සංහිඳියාවෙන් යුතු පාලනයේ රුව ගුණ පෙන්වමින්, ත්‍රස්තවාදය අවසන්කර උතුරත්, දකුණත්, නැගෙනහිරත්, බටහිරත් එක ලෙසට සංවර්ධනය කරමින් සංහිඳියාවෙන් යුතු පාලනය පිළිබඳ ඉතිහාසයක් ශ්‍රී ලංකාවෙන් ලොවටම උරුමකර දෙන ජනපතිතුමනි, ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ මහින්ද චින්තනය නැමති චින්තාවලිය නැතහොත් අමරණීය ජනතා චින්තාවලිය පිළිබඳවත්, ඔබ පිළිබඳවත් ඔබ මෙලොවට බිහි වූ දින ඞී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ සිත පතුළෙන් ම නැගුණු සිතුවිලි දාමය එදා ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ සිතුවිල්ල ම වන්නට ඇත. එදින ඞී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ සිතෙහි ඉපදුන සිතුවිල්ලෙන් මාගේ දේශනය අවසන් කරමි.

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඔ වේ...

ඉටුකොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්...‍

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා