පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් වෙනුවට එක ප්‍රශ්න පත්‍රයක්

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් වෙනුවට එක ප්‍රශ්න පත්‍රයක්

- ඇමැති බන්දුල ගුණවර්ධන

පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් වෙනුවට එක ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට පියවර ගෙන ඇත්තේ මේ විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන පීඩනය අඩු කිරිමට බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය.

රජය මෙවැනි තීරණයක් ගත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අධ්‍යාපනඥයන්ගේ නිර්දේශ මත බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා පහේ ශිෂ්‍යත්ව දීමනාව මෙවර අයවැයෙන් රුපියල් 500 සිට 1500 දක්වා සිදු කළ වැඩි වීම සියයට 300 ක් බව කීය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම කරුණු අනාවරණය කළ ඇමැතිවරයා සිව් දෙනෙකුගෙන් යුතු පවුලකට මාසිකව රුපියල් 50000ක් අවශ්‍ය බවට රජය හෝ ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කවරදාක වත් ප්‍රකාශ කර නැති බවත් කීය.

මෙවැනි වැරදි තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස ප්‍රේමදාස මහතා ගෙන් ඉල්ලා සිටි ඇමැතිවරයා පහේ ශිෂ්‍යත්ව දීමනාව වැඩිකිරීම මෙයට පෙර කිසිදු රජයක් සිදු කර නැති බව ද කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා