ජනමත විචාරණයකට යාමට කිසිදු තීරණයක් නැහැ

ජනමත විචාරණයකට යාමට කිසිදු තීරණයක් නැහැ

- ඇමැති මහින්ද අමරවීර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ වත්මන් රජය ජනමත විචාරණයකට යාමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ජනමත විචාරණය පිළිබඳ ඇත්තේ අමිහිරි අත්දැකීමක් පමණක් බවත් එදා එය ලාම්පු කළ‍ගෙඩි සෙල්ලමක් පමණක් වු බවත් හෙතෙම කිවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා (03) පැවැති මාධ්‍ය හමුවේදි ජනමත විචාරණයකට යන්නේ දැයි මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයකට යාමට සූදානමින් සිටින බව පැවැසු ඒ මහතා ජයග්‍රහණයන් පිළිබඳ කිසිඳු චකියක් නැති බව කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා