ඉහළ මැදි ආදායම් ආර්ථිකයේ සිට සංවර්ධිත ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ ජාතික අයවැය-2015

ඉහළ මැදි ආදායම් ආර්ථිකයේ සිට සංවර්ධිත ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ ජාතික අයවැය-2015

ආචාර්ය පී.බී ජයසුන්දරගේ විශේෂ දේශනය අද

ඉහළ මැදි ආදායම් ආර්ථිකයේ සිට සංවර්ධිත ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ ජාතික අයවැය - 2015 සම්බන්ධයෙන් විශේෂ දේශනයක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (05) පැවැත්වේ.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ආර්ථික සංවර්ධනය සඳහා වන ජාතික සභාව සංවිධානය කරන මේ විශේෂිත දේශනය සඳහා රෙදිපිළි හා ඇඟළුම්, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලිය, වැවිලි, සංචාරක කර්මාන්තය, ඖෂධ නිෂ්පාදනය, ඉදිකිරීම්, නාවික, මැණික් හා ස්වර්ණාභරණ, රථවාහන, කුඩා හා මධ්‍ය පරිමාණ සේවා සපයන්නන්, අපනයන, ධීවර ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිතයි.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සංවිධානය කරන මෙහිදී ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර මේ විශේෂිත දේශනය වෙනුවෙන් ඕනෑම අයකුට සහභාගි වීමට අවස්ථාව සැළසේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා