උතුරේ සේවයට සුරාබදු නිලධාරීන් 33ක්

උතුරේ සේවයට සුරාබදු නිලධාරීන් 33ක්

උතුරු පළාතේ සුරාබදු ස්ථානවල සේවයට යෙදවීම සඳහා පනාදරගම පුහුණු පාසලේ මාස තුනක පුහුණුවක් ලැබු සුරාබදු නිලධාරීන් විසිර යාමේ පෙළපාළිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මේමස 06 දා යාපනය අරියාල ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

විසිර යාමේ පෙළපාළියට සුරාබදු නිලධාරීන් තිස්තුන් දෙනෙක් සිටින බවත් මෙම නිලධාරීන් අතර සුරාබදු පරීක්ෂකවරු හා නියාමකවරු සිටින බවත් යාපනය සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝෂප් මහතා පවසයි.

සුරාබදු කොමසාරිස් (අපරාධ) එස්.ඩි.එස් මැල්ලව, සුරාබදු කොමසාරිස් ඒ.බෝදරගම යන මහත්වරු ඇතුළු ‍ප්‍රදේශයේ දේශපාලනඤයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා