සුළු පිරිසකට වෙනම කලාපයක් දෙන්නේ නෑ

සුළු පිරිසකට වෙනම කලාපයක් දෙන්නේ නෑ

-අගමැති දි.මු. ජයරත්න

රට කොටස් වශයෙන් බෙදන්න ගත්තොත් මොන වගේ තත්ත්වයක් මේ රට තුළ ඇති වෙයිද කියා ඉල්ලීම් කරන අය සිතා බැලිය යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) කීය.

අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සිටින මැතිවරණ කොට්ඨාස වෙන ම පරිපාලන කලාපයක් ලෙස ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳ සිය අදහස් දක්වමින් එසේ කී අගමැතිවරයා එක් එක් අයට අවශ්‍ය පරිදි කලාප ලබා දිය නොහැකි බව ද කීය.

මුස්ලිම් ක්‍රොංග්‍රසය කරන ඉල්ලීම් ගැන තවදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා මේ රට පුරා ම මුස්ලිම් ජනතාව ව්‍යාප්ත ව ඇතත් ජනතාව සමඟ සාමයෙන් සිටින බවත් වෙන ම කලාපයක් ඉල්ලන ප්‍ර දේශයේ සිටින ජනතාවට වඩා පිට ප්‍රදේශවල සිටින ජනතාවගේ ප්‍රමාණය වැඩි බවත් සුළු පිරිසකට වෙනම කලාප දුන් විට එයින් පිට සිටින මුස්ලිම් ජනතාවට සිදුවන්නේ කුමක්ද? යන්න ප්‍රශ්න කළේය.

මේ කරුණු මතුකළ විජේදාස රාජපක්ෂ මහතා ද මුස්ලිම් ක්‍රොංගසයේ ඉල්ලීම හැඳින්වූයේ අමිර්තලිංගම්, යෝගේෂ්වරන් මහත්වරුන්ගේ ඊළාම් ඉල්ලීමට සමාන කරමිනි'

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා