ව්‍යාපාරවලට දකුණු ආසියාවේ ‍හොඳම රට ශ්‍රී ලංකාව

ව්‍යාපාරවලට දකුණු ආසියාවේ ‍හොඳම රට ශ්‍රී ලංකාව

ලෝක බැංකුව කියයි

කලාපීය රටවල් අත‍ර කැපී ‍පෙ‍නෙන ආර්ථික වර්ධනයක් හිමිකර‍ගෙන ති‍බෙන ශ්‍රී ලංකාව ව්‍යාපාර කටයුතු ‍සඳහා දකුණු ආසියානු කලාප‍යේ ‍හොඳම රට බවට පත්ව ති‍බේ. ලෝක බැංකුවේ නවතම ‘Doing Business’ 2015 වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ‍මේ ජයග්‍රහණය හිමිකර‍ගෙන ති‍බෙන අතර ‍ලෝක‍යේ රටවල් 189ක් සම්බන්ධ කරගනිමින් ‍එම වර්ගීකරණය සිදුකර ඇත.

‘Doing Business’ 2015 වර්ගීකරණය අනුව ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව ‍ලෝක‍යේ 99 වැනි ස්ථානයට පැමිණ ති‍බෙන අතර දකුණු ආසියානු කලාප‍යේ රටවල් අතර ඉදිරි‍යෙන්ම සිටී.

‍මේ වර්ගීකරණයට අනුව ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් අතර පළමු තැන සිංගප්පුරුවට හිමිව ති‍බෙන අතර දෙවැනි ස්ථානය නවසීලන්තයට ද තෙවැනි ස්ථානය හොංකොං රාජ්‍යයට ද සිවුවැනි ස්ථානය ඩෙන්මාර්කයට හා පස්වැනි ස්ථානය දකුණු කොරියාවට ද හිමිව ඇත.

‍මේ අතර දකුණු ආසියානු කලාප‍යේ ‍නේපාලය 108, මාලදිවයින 116, භූතානය 125, පාකිස්තානය 128, ඉන්දියාව, 142, බංග්ලා‍දේශය 173, මියන්මාරය 177 හා ඇෆ්ගනිස්ථානය 183 වැනි ස්ථානයන්ට පැමිණ ති‍බෙන බවද Doing Business’ 2015 වර්ගීකරණය මඟින් ‍පෙන්වා ‍දෙයි.

සාධක 10 ක් සැළකිල්ලට ‍ගෙන ‍මේ ‍ශ්‍රේණිගත කිරීම සිදුකර ති‍බෙන අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම, ඉදිකිරීම් අවසරයන් සම්බන්ධ‍යෙන් කටයුතු කිරීම, විදුලිය ලබාගැනී‍මේ පහසුව, ‍දේපල ලියාපදිංචි කිරීම, ණය ලබාගැනීම, සුළුතර ආ‍යෝජකයන්ගේ ආරක්ෂාව, බදු ‍ගෙවීම, ‍දේශාන්තර ‍වෙ‍ළෙඳාම, ‍කොන්ත්‍රාත් ක්‍රියාත්මක කිරීම හා බංක‍ලොත්වීම් විසඳීම ඒ අතර ‍වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා