මුද්‍රණය සඳහා

 
මාතලේ-ලග්ගල-රත්තොට කදු නායයාමේ අවදානමක

මාතලේ-ලග්ගල-රත්තොට කදු නායයාමේ අවදානමක

පවුල් 82ක් ඉවත් කරයි

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 82ක පුද්ගලයන් 290ක් නාය යෑමේ අවධානම හේතුවෙන් පදිංචි ස්ථානවලින් ඊයේ (04)දින වන විට ඉවත් කළ බව මාතලේ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පැවැසීය.

මාතලේ ,ලග්ගල,හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවධානම් කඳු ආශ්‍රිතව පදිංචි පිරිස මෙසේ ඉවත්කරඇත.

තවදුරටත් ප්‍රදේශයේ ඇති කඳු පිළිබඳව අවධානයෙන් සිටින බවත් ඉදිරියේදීත් තව දුරටත් වර්ෂාව පැවතියහොත් මේ තත්ත්වය වෙනස්විය හැකි බවද අමරවීර මහතා පැවැසීය. යම් හෝ අවදානම් තත්ත්වයක් ඇතිවියහොත් කඩිනමින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඒ මහතා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]