මුද්‍රණය සඳහා

 
ගණිකා මධ්‍යස්ථානයක කතුන් 3ක් කොටු

ගණිකා මධ්‍යස්ථානයක කතුන් 3ක් කොටු

බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයක කළමනාකාරීත්වයේ සහයෙන් පවත්වා ගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක තරුණියන් තිදෙනෙක් බෙන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් කාන්තාවකට රුපියල් පනස්දහස බැඟින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩ නියම කළේය.

නියම කරන ලද දඩ නොගෙවන්නේ නම් මාස තුනක සිරඳඩුවම් නියම කළේය.මෙසේ සිරදඬුවම් නියම කරන ලද්දේ අගුනකොලපැලැස්ස පදිංචි සැකකාරියන් තිදෙනකුටය.

සංචාරක හෝටලයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානය පිළිබඳ පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමේදී මේ සැකකාරියන් අත්අඩංගුවටගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]