මුද්‍රණය සඳහා

 
ආනන්දයට පළමු ඉනිමේ ජය

ආනන්දයට පළමු ඉනිමේ ජය

කොළඹ ආනන්ද විදුහල හා බත්තරමුල්ල ශ්‍රී සුභූති විදුහල අතර පැවැති 13 න් පහළ ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජය ආනන්ද විදුහල සතුවිය. ආනන්ද මාවත ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයට වර්ෂාව බාධා ගෙන දුන්නේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී සුභූති විදුහල් පිල ලකුණු 95කට දවාගත් ආනන්ද ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 232ක් රැස් කළහ. සවිරු සත්නිදු ලකුණු 51ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී සුභූති විදුහල පළමු ඉනිම ලකුණු 95යි. (ඕවර 38.5) - සුදේව් ෂෙහාර 16 (ෂෙහාන් හන්සත 5/2, සජිත් දිෂාන් 18/3, පිංසර ගනේගොඩ 11/2)

ආනන්ද විදුහල පළමු ඉනිම ලකුණු 232/7යි. - සුවිරු සත්නිදු 51, අනුද නිම්තික 30, විනුක දම්සිත් 22, ෂෙනාන් හන්සත 38, හිරුෂාන් විමන්ත නොදැවී 44 (සුදේව් ෂෙහාර 33/3, දෙනෙත් මුතුකුමාරණ 95/3)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]