උන්හිටිතැන් අහිමි වූ අප්‍රිකානු පාපන්දු කුසලානය

[2014-11-13 15:30]

මොරොක්කෝවේදී පැවැත්වීමට තිබූ 2015 අප්‍රිකානු කුසලාන පාපන්දු තරඟාවලිය අවලංගු කොට තිබේ. මේ දිනවල අප්‍රිකානු රටවල පැතිරයන එබෝලා වසංගතය ඊට හේතුවයි.

විස්තර»


අම්පාරේ පෞරාණික වටිනාකම ඉහළට

[2014-11-13 15:30]

අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකළ ගවේෂණවලදී පෞරාණික ස්ථාන හාරසිය තිහක් අලුතින් සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විස්තර»


13න් පහළ ක්‍රිකට් තරඟ ජය පිළියන්දල මධ්‍ය මහා විදුහලට

[2014-11-13 14:30]

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයත් නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයත් අතර පිළියන්දලදී පැවති අන්තර් පාඨශාලීය වයස  අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරඟයෙන් පිළියන්දල මධ්‍ය මහා විදුහලට කඩුළු 5ක විශිෂ්ඨ ජයක් අත්විය.

විස්තර»


වඳ සැත්කම් කළ ඉන්දීය වෛද්‍යවරයා අත්අඩංගුවට

[2014-11-13 14:30]

ඉන්දියාවේ සිදුකළ වඳ සැත්කම් හේතුවෙන් කාන්තාවන් 11 දෙනෙකු මරුමුවට පත්වීමේ සිද්ධිය මත කේ. ගුප්තා නම් වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»


මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් ලබන වසරේදී

[2014-11-13 13:30]

ලබන වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත්කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමේන්තුව තීරණය කර ඇත.

විස්තර»


පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය නවතින ලකුණු

[2014-11-13 13:30]

මහා පරිමාණයෙන් මෙරටට ආනයනය කරන ලද ග්‍රීස්, තාර සහ නයිලෝන් යන ද්‍රව්‍ය ආනයනය නවතා දමා එය මෙරටදීම නිෂ්පාදනය කිරිමට පියවර ගැනේ.

විස්තර»


* තායිවාන "සළු පිළි දැක්ම 2014" . . . 

* දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ. . .

* අක්ෂි වෛද්‍ය සායනයක් අම්පාරේදී

* රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන්ගේ . . . .

* පිලිපීනයේ දරුවන්ට . . . .

* හරිත උදාන ගොවි සමුළුව අද . . . .


අපගේ අරමුණ ගොවීන් රජවරු කිරීමයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 නොවැමිබර් 10 අරලියගහ මන්දිරයේ දී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සීසීකඩ යන විපක්ෂය

කපුවා කපෝති නාටකය රඟ දක්වනවා

* මහින්දට තුන්වරක් බෑ කියන අයම අද චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව කරන්න හදනවා

*  බලයේ සිටින ඇතැම් රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පිරිහුනත් ජනපති මහින්දගේ ජනප්‍රියත්වය ඉහළටම

* ජනපතිවරයා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ ගෙන ගිය දුර නිසාම ඔහු වෙනුවෙන් පෙනී සිටීම වගකීමක්

ඇමැති ඩලස් මාතර සන්ධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් කියයි

මහින්දට තුන්වරක් බෑ කියල තර්ක කරන අයම පොදු අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේන්න සාකච්ඡා කරන බවත්, සීසීකඩ යන විපක්ෂය කපුවා කපෝති නාට්‍ය රඟමින් සිටින බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කෙළේය.බල‍යේ සිටින රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා‍ගේ ජනප්‍රියත්වය එන්න එන්නම ඉහළ ගොස් ඇතැයි කී ඇමැතිවරයා විපක්ෂයට එය දරාගත නොහැකිව නොයෙක් මතවාද හා පොදු අපේක්ෂක කතා කියමින් සිටින බව කීය.

විස්තර»

පණ්ඩිත් අමරදේවයන් නමින් ජනපති නියමයෙන් විද්‍යායතනයක්

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් සිදු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා නමින් විද්‍යායතනයක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.අමරදේව මහතා විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙලෙස විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන අතර එය ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට නියෝග කළේය.

විස්තර»

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර පෙරේදා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති සුහද හමුවේ දී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් ජනාධිපතිතුමන්ට උණුසුම් අයුරින් සුබපැතූ අයුරු සහ ජනාධිපති උපදේශක රෝහණ වීරසිංහ මහතා ශ්‍රී ලාංකීය කලාකරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමන්ට තිළිණයක් පිරිනැමූ අයුරු. ඡායාරූප - සුදත් සිල්වා

සන්ධානයට තුනෙන් දෙකක බලය තිබියදී පොදු අපේක්ෂකයා විධායක ජනපතිධුරය අහෝසි කරන්නේ කොහොමද?

දේශපාලන විචාරකයෝ සෝභිත හිමිගෙන් ප්‍රශ්න කරති

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් මාස 6ක් ඇතුළත විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට මාදුළුවාවේ සෝභිත හිමියන් කරන ප්‍රකාශය බලයට පත් වීමටත් පෙර ජනතාව මුලාකිරීමක් බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය බව පෙන්වා දෙන ඔව්හු පාර්ලිමේන්තුවේ සංයුතිය මෙලෙස ම පවතිද්දී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.

විස්තර»

දශක තුනක කාලයක් පැවැති ත්‍රස්තවාදය නිමාකර මවුබිමට සාමය උදාවීම නිමිත්තෙන් ඉදිකිරීමට යෝජිත ස්ථූප අතරින් පළමුව ඉදි කෙරෙන අනුරාධපුර සඳහිරු සෑයේ ගර්භ නිධානය උදෙසා වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් වෙත බාරදුන් අයුරු. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද
හිමියෝ ද මෙහි වෙති. ඡායාරූප - චන්දන පෙරේරා

මාතෘභූමියේ පැවැති අඳුරු යුගය පහකර යහපත් හෙට දිනක් උදෙසා පියවර තබා තිබෙනවා

කලාකරුවන් අමතා ජනපති කියයි

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අවසන්කර නිඳහස් හා සාමකාමී පරිසරයක් නිර්මාණය කර තිබෙන වත්මන් ශ්‍රී ලංකාව, නිවෙසේ භාණ්ඩ විකුණා ජීවත්වීමට අවශ්‍ය යුගයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.අප මාතෘභූමියේ පැවැති අඳුරු යුගය පසුකර යහපත් හෙට දිනකට පියවර තබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එවැනි අඳුරු යුගයක් යළිත් වරක් ඇති නොවන බවද කීය.

විස්තර»

උතුරු අධිවේගයේ ඉදිකිරීම් හෙට ජනපති සුරතින් ඇරැඹේ

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් හෙට (14) සහ අනිද්දා (15) දෙදින ස්ථාන හතරක දී ඇරැඹේ. උතුරු අධිවේගයේ ඉදිවීමත් සමඟ පැය හතරකට වඩා කාලයක් ගත කළ කොළඹ සිට මහනුවරටත්, කොළඹ සිට දඹුල්ලටත් පැයකුත් විනාඩි තිහකදී ගමන් කිරීමේ හැකියාව මඟී ජනතාවට උදා වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

විස්තර»

කොමියුනිස්ට් පක්ෂයේ
සහායත් ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ මස 9 වැනි දා රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගත් බව ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

ජනපතිවරණයට තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී සියයට 2ක ඡන්ද ප්‍රතිශතයක් රැගෙන පෙන්වන්න

ජනපති මහින්ද දෙවැනිවර ලැබූ ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරනවා

මාධ්‍යවේදීන්ට සහන අරන් දෙන්න ප්‍රජාව සංවිධානයෙන් යෝජනා කීපයක් ජනපතිට

ජනපති මහින්දට තෙවෙනි වරට තරග කිරීමට ලැබීම ජනතා ජයක්

එජාපයට අලුත් උප්පැන්නයකින් මැතිවරණවලට ඉදිරිපත්වීමට සිදු­වෙනවා

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ සිද්ධිය හිටපු රේගු අධ්‍යක්ෂට නොතිසි

ජනපති නැවත එම තනතුරට පත් කිරීම කළගුණ දන්නා ජනතාවගේ යුතුකමක්

අය-වැයෙන් මිලියන 1588ක් වෙන්කර තිබීම නිසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

උඳුල සඳ මඬල සේ නිති බබලාන
නකුල කලාකරුවන් හට පෙම් පාන

   සිහිල තෙතමනය සිත රැඳි මැතිඳාන
වපුල සිනා ඇත, කුමටද වර දාන

සුනිල් ආර්. ගමගේ

මාගේ දේශය අවදි කරනු මැන!

විසි නව වැනි මැතිවරණයත් ඉහළින්ම දිනනවා

ඉතිහාසයේ රාවණාට හිමිතැන මම ලබා දුන්නා

පාණදුර ගාලවත්ත ඉඩම සංවර්ධනයට

ජනපද ඉඩම් වෙන අයට පවරාදීමෙන් නීතිමය ගැටලු මතුවෙලා

වඳ සැත්කම් කළ ඉන්දීය වෛද්‍යවරයා අත්අඩංගුවට

පිලිපීනයේ දරුවන්ට පාවෙන පාසැල් බෝට්ටු

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

 

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

පක්ෂ පහළවක විපක්ෂ‍යෙන් එක්කරගෙන හැදු
එක ජොකියෙකු දමනවාලු විපක්ෂයේ පොදු
බැලු බැල්මට ආඬින්ගේ කැඳහැළියේ හැදු කැඳ බඳු
ඉරිසියාව හිරිහැර නොකරනු ලක් දිනිතිට මතු

--------------- නිලමේ