මුද්‍රණය සඳහා

 
‘පත්තිනි’ මුහුරත් උ‍ලෙළ

‘පත්තිනි’ මුහුරත් උ‍ලෙළ

පතිව්‍රතාවට අධිපති, වර්ෂාවට අධිපති, අම්මාවරුන්ගේ ලෙඩදුක් නිවාරණය කරන දේවතාවිය, අං‍ෙකළිය පොල්කෙළිය ඇතුළු බොහෝ සිංහල ජන ක්‍රීඩාවලට අධිපති සත්පත්තිනි, දොළොස් පත්තිනි ලෙස සැලකෙන පත්තිනි දේවඟනගේ කතා පුවත රැගත් ‘පත්තිනි’ පතිව්‍රතාවේ දෙවඟන චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණි.

දකුණු ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍යාගත මූලාශ්‍ර සහ දේශීය ජන සාහිත්‍යාගත මූලාශ්‍ර ඔස්සේ සම්පාදිත මෙම අපූර්ව වෘත්තාන්තය අදින් වසර දහසකට පමණ පෙර විසූ පත්තිනි දේවිය බවට පත්වූ කණ්ණගී නම් මනුෂ්‍ය ස්ත්‍රිය සහ ඇගේ සැමියා වූ කෝවලන් ප්‍රධාන චරිත කරගනිමින් සිනමාවට නැ‍ඟේ.

සුමති චිත්‍රපට නිෂ්පාදනයක් වන මෙහි කථා ප්‍රතිරචනය, තිරනාටකය, දෙබස් අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. නිෂ්පාදනය මිලිනා සුමතිපාල වන අතර ප්‍රජා උමාශංකර් කණ්ණගී ලෙසත් උද්දික ප්‍රේමරත්න කෝවලන් ලෙසත් රංගනයෙන් එක්වේ. අරුණි රාජපක්ෂ, වීණා ජයකොඩි, රවින්ද්‍ර, රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්, ජයලත් මනෝරත්න ඇතුළු රංගන ශිල්ප ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]