මුද්‍රණය සඳහා

 
සෙව්වන්දිගෙන් අරන්ගේත්ත්‍රම්

සෙව්වන්දිගෙන් අරන්ගේත්ත්‍රම්

ප්‍රවීණ නර්තන ආචාරිනී කලාගුරු මිරැන්ඩා හේමලතා මහත්මියගෙන් නර්තන විෂය හැදෑරූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය නර්තන විශාරද උදුම්බරා සෙව්වන්දි කුමාරි මෙනවියගේ අරන්ගේත්‍රම් කලඑළි මංගල්‍යය මෙම (15) වැනිදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ.

මිරැන්ඩා හේමලතා මහත්මියගේ 76 වැනි ජන්ම දිනය ද මෙදිනට යෙදී ඇති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතාව ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය සහභාගීවීමට නියමිතය. මෙම කලා ආශ්‍රමයේ 108 වැනි අරම්ගේත්‍රම් ප්‍රසංගය වේ.

උදුම්බරා සෙව්වන්දි ඉන්දියාවේ භාත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් භාරත නාට්‍යම් නර්තනය පිළිබඳව විශාරද උපාධිය ද හිමිකරගෙන ඇති අතර 2012දී කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය හිමිකරගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]