ජනපති මහින්දට තෙවෙනි වරට තරග කිරීමට ලැබීම ජනතා ජයක්

ජනපති මහින්දට තෙවෙනි වරට තරග කිරීමට ලැබීම ජනතා ජයක්

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

ජනපති මහින්ද රාජපක්ෂ මහාතට යළිත් ජනපති ධුරයට තරග කිරීමට හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජයග්‍රහණය ලැබුවේ මෙරට ඒකීයභාවය අගයන ජනතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ පවසති. මේ තීන්දුවත් සමඟ ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්වන බවත් ඒ සියල්ලටම වඩා මෙරට ඒකීය භාවය තවදුරටත් ආරක්ෂා වන බවට ලැබෙන සහතිකය වටිනා බවත් උන්වහන්සේ කීහ.

පොදු අපේක්ෂකයන් පිළිබඳ සිහින මවමින් ඇතැම් පිරිස් පසුගිය කාලය පුරා බෙදුම්වාදීන් සමඟ අත්වැල් බැඳගනිමින් ජනපති සටනින් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමේ සැලැසුමක් දියත් කළ බවත් දැන් ඔවුන් සියලු දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම පිළිතුරු ලබාදී තිබෙන බවත් ධීරානන්ද හිමියෝ පැවසූහ.

රටේ සංවර්ධන ක්‍රියාවලිය පණ ගන්වමින් ඉදිරියට ගෙනයෑමට ජනපතිතුමන්ට ශක්තිය ඇති බවත් ඉදිරි මැතිවරණවලින් ජය ලැබීමේ ජනතා ආකර්ෂණය එතුමා සතු බවත් පැවසු උන්වහන්සේ එතුමා ජනපති සටනින් ඉවත් කිරීමට නොයෙක් කුමන්ත්‍රණ ඇතමුන් දියත් කළේ මෙම ජනතා ආකර්ෂණය කෙරෙහි බියවී බවත් ප්‍රකාශ කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා