රාජ්‍ය සේවයේ අනියම් හා තාවකාලික සේවකයන් 35,000ක් ස්ථිර සේවයට

රාජ්‍ය සේවයේ අනියම් හා තාවකාලික සේවකයන් 35,000ක් ස්ථිර සේවයට

රාජ්‍ය සේවයේ සිටින 35,000ක් වන අනියම් හා තාවකාලික සේවකයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 අයවැය තුළින් ස්ථිර සේවයට අනුයුක්ත යෝජනා කර තිබෙන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

තාවකාලික හෝ අනියම් පදනම මත සේවය කරන මෙවැනි සේවකයන් රජයේ සෑම ආයතනයකම පාහේ සිටින බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා තැපැල් දෙපාර්තමේන්තුවේ පමණක් 1500ක පමණ පිරිසක් මෙම පදනම මත සේවය කරන බවත් පැවසීය

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තැපැල් නිලධාරීන් 5000ක් අතර අරලියගහ මන්දිරයේ දී 09 වැනි දා පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

දෛනික වැටුපට සේවය කරන මෙම සේවකයන් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවකයන් ලබන වරප්‍රසාද හෝ දීමනාවල කිසිවක් මෙතෙක් භුක්ති නොවිඳි පිරිසක් බවත් වීරතුංග මහතා පැවසීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය සේවය කෙරෙහි වැඩිම සැලකිල්ලක් දැක් වූ අයවැය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කිසිදු අයවැයකින් රාජ්‍ය සේවකයන්ට මෙවැනි වරප්‍රසාද ලබා දී නොමැති බවත් කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තැපැල් සේවා ඇමැති ජිවන් කුමාරතුංග, නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, අමාත්‍යාංශ ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා