සන්ධානයට තුනෙන් දෙකක බලය තිබියදී පොදු අපේක්ෂකයා විධායක ජනපතිධුරය අහෝසි කරන්නේ කොහොමද?

සන්ධානයට තුනෙන් දෙකක බලය තිබියදී පොදු අපේක්ෂකයා විධායක ජනපතිධුරය අහෝසි කරන්නේ කොහොමද?

දේශපාලන විචාරකයෝ සෝභිත හිමිගෙන් ප්‍රශ්න කරති

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් මාස 6ක් ඇතුළත විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට මාදුළුවාවේ සෝභිත හිමියන් කරන ප්‍රකාශය බලයට පත් වීමටත් පෙර ජනතාව මුලාකිරීමක් බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය බව පෙන්වා දෙන ඔව්හු පාර්ලිමේන්තුවේ සංයුතිය මෙලෙස ම පවතිද්දී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.

පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් පවතින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ය. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය මෙම මැතිවරණයෙන් කළ නොහැක. එසේ නම් කළ යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දී එතුමා බලයට පත් වූ පසු එය අහෝසි කිරීමය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු සොයා ගැනීමටවත් නොහැකිව සිටින සෝභිත හිමි ප්‍රමුඛ විපක්ෂයට මේ හදිස්සියේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සකස් කර ගැනීමට කෙසේවත් නොහැකි ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේවත් නැති මාදුළුවාවේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා ගන්නට කවර පියවරක් ගන්නේ දැයි මධ්‍යස්ථ දේශපාලන මතධාරීහු විමසති.

තවදුරටත් ජනතාව මුලා නොකර ජනතාවට සත්‍ය පවසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී හෝ නොවී ජය - පරාජය භාරගෙන ජනතාවට ආගමික වශයෙන් සිදු කරන සේවාව හෝ කරගෙන යෑමට සෝභිත හිමියන්ට අවස්ථාවක් තිබෙන බව ඔව්හු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා