මාධ්‍යවේදීන්ට සහන අරන් දෙන්න ප්‍රජාව සංවිධානයෙන් යෝජනා කීපයක් ජනපතිට

මාධ්‍යවේදීන්ට සහන අරන් දෙන්න ප්‍රජාව සංවිධානයෙන් යෝජනා කීපයක් ජනපතිට

වෘත්තීය සමිති හා ක්‍රියාකාරී සංගම් 23කින් සමන්විත ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරය නොහොත් ප්‍රජාව සංවිධානය මාධ්‍යවේදීන්ට සහන සැලසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබේ. ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයකු ලෙස ඒකාබද්ධ මාධ්‍ය සංවිධානය කටයුතු කරන අතර එම සංවිධානය ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයත් සමඟ සාකච්ජාවට කිහිපයකට පසුව මාධ්‍යවේදීන් වෙනුවෙන් පහත සඳහන් ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත.

රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදෙන යතුරු පැදි එම පදනමින්ම මාධ්‍යවේදීන්ට ලබාදීම, නිදහස් ප්‍රවාහන ගමන් බලපත්‍ර , මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිතව ඇති විශ්‍රාම වැටුප විධිමත් ලෙස ලබාදීමට කටයුතු කිරීම, මහල් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල උදෑසන විකාශනයවන වැඩ සටහන් මාධ්‍ය සදාචාරයකින් තොරව විකාශනයවන බැවින් එම වැඩ සටහන් හික්මීමකින් විකාශනය කිරීමට කටයුතු කරන ලෙස ද වැඩි දුරටත් ඉල්ලා තිබේ.

සමාජය යහමගට ගැනීමට සිටින සහ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ දේශනා සහ සැසි විනිවිධ භාවයකින් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ට ද රජයෙන් අදාළ සහන ලබාදීමට කටයුතු කරන ලෙස ද ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා