හරිත උදාන ගොවි සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

හරිත උදාන ගොවි සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

[2014-11-13 09:30]

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සංවිධානය කරනු ලබන "හරිත උදාන" ගොවි සමුළුව අද ප.ව. 3.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුවේදී පැවැත්වේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුගිය දශක දෙක තුළ ලබාගෙන ඇති ජයග්‍රහණ හා කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම ගොවි සමුළුව සංවිධානය කොට ඇත.

හරිත උදාන ගොවි සංවිධානවල නියෝජිතයින් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් ගොවි සංවිධානවල සාමාජිකයින් පන්දහසකට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතයි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සාමාජිකයින් මේ සඳහා එක්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා