මුද්‍රණය සඳහා

 
රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව කොළඹදී

රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව කොළඹදී

[2014-11-13 10:30]

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු හා ගිණිකොණ දිග ආසියානු රාජ්‍යයන්හි ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව නොවැම්බර් මස 27 සහ 29 යන දෙදින දී පැවැත්වීමට නියමිතය.

එය කිංග්ස්බරි හා වෝටර්ස් එජ් යන ආයතන තුළදී පැවැත්වේ. මේ සඳහා රටවල් විස්සක ආරක්ෂක ප්‍රධානීන් සහභාගි වනු ඇත.

රුසියානු සමූහාණ්ඩුව සහ මහජන චීන සමූහාණ්ඩුව නිරීක්ෂකයන් ලෙස සමුළුවට සහභාගිවීමට නියමිත බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කලාපයේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවයට එල්ලවන අභියෝග මැනවින් හඳුනාගෙන අන්‍යොන්‍ය සහයෝගීතාව හා විශ්වාසය මඟින් එම අභියෝගවලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය උපායමාර්ග සොයා බැලීම මෙහිදී සිදු කෙරෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]