දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනේ

දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනේ

[2014-11-13 11:30]

දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා විවෘත තරඟ විභාගයෙන් තෝරා පත්කර ගත් 90 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

2012 වසරේ පැවැත්වූ තරඟ විභාගය සඳහා මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි බෙදාදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් ශ්‍රවණාගාරයේදී සිදුවිය.

ලිපිකරුවකු කරන සේවයට වඩා වැඩි සේවයක් කළමනාකරණ සහකාරවරයකුගෙන් රජය බලාපොරොත්තු වන බවත් උසස්වීම් වලින් පමණක් සෑහීමකට පත්නෙවී සෑමවිටම වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරතවී රජයේ සංවර්ධන සංග්‍රාමයේ ඉහළ හවුල්කරුවකු වන ලෙසත් ඇමතිවරයා එම අවස්ථාවේදී පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා