මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් ලබන වසරේදී

මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් ලබන වසරේදී

[2014-11-13 13:30]

ලබන වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත්කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ස්මාර්ට් රියදුරු බලපත්‍රයට PT නම් සංකේතය ඇතුළත් කෙරේ. මෙහි අර්ථය පැසෙන්ජර් ට්‍රැවල් යන්නයි.

විශේෂ පාඨමාලාවකින් පසු මේ සංකේතය ලබාදෙන බව ද මෙය මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට අනිවාර්යය බව ද මෝටර් රථ ප්‍රවාහන සහකාර කොමසාරිස් එස්.ඒ ප්‍රේමරත්න මහතා පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා