මුද්‍රණය සඳහා

 
සැමට සුවය සදන්නට සායන ‍ගොඩනැගිල්ලට මුල්ගල

සැමට සුවය සදන්නට සායන ‍ගොඩනැගිල්ලට මුල්ගල

ගොඩනැගිල්ලට මුල්ගල් තැබු අයුරු

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ගමින් ගමට දොරින් දොරට වැඩ සටහන යටතේ හොරණ මැතිවරණ බල ප්‍රදේශයේ හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් තලගල ප්‍රදේශවාසීන්ට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ලක් ඉදිකීරීම සදහා මුල්ගල් තැබිම කළුතර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී හොරණ ශ්‍රීලනිප සංවිධායක විදුර වික්‍රමනායක මහතා අතින් පසුගියදා සිදුවිය.

මේ සදහා ලක්ෂ 13.5 ක මුල්‍ය ප්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී ඇත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් බැද්දගේ, හොරණ ප්‍රාදේශිය ලේකම් නිශාන්ති ජයසිංහ, යන මහත්ම මහත්මීන් සමග හොරණ ප්‍රාදේශිය පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]