මුද්‍රණය සඳහා

 
විදුහලේ ගොඩනැඟිලි දෙකක් කඩා වැටෙන්න ඔන්න මෙන්න

විදුහලේ ගොඩනැඟිලි දෙකක් කඩා වැටෙන්න ඔන්න මෙන්න

කාලයක සිට දිරාපත්ව අබලන් තත්වයක පවතින බප/මතුගම අධ්‍යාපන කොට්ඨාසයේ තවාන ප්‍රාථමික විදුහලේ ප්‍රධාන ශාලාවේ වහලය හා ගුරුනිවාසය කඩිනමින් අලුත්වැඩියා කර දෙන්නැයි ප්‍රදේශවාසී දෙමව්පියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටීති. ප්‍රධාන ශාලාව තුළ මේ වන විට පන්ති පවත්වාගෙන යනු ලබන්නේ වහලයේ දිරාපත්ව ඇති යටලී වලට මුක්කු තබාගෙනය.

පවතින වැසි සහිත කාලගුණය මත එය කුමන මොහොතක කඩා වැටේදැයි කිව නොහැක. පන්ති පවත්වාගෙන යන විට සිසු දරැ දැරියන් ගුරුවරුන් දෙසට නොව වැඩි අවධානයක් යොමු කරනුයේ වහල දෙසට බව දෙමව්පියන් පවසති.

විදුහලේ ගුරු නිවාසයේ තත්වයද ඉතා කණගාටුදායකය.එහි වහලයේ පිටුපස කොටස ඉතා බරපතළ ලෙස අබලන්ව කඩා වැටීමට ආසන්න තත්වයක පවතී. මෙම ගුරු නිවාස ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ගතහොත් එය පරිගණක පන්ති කාමරය ලෙස යොදා ගැනීමට හැකි බව දෙමවුපියෝ පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]