විදුහලේ සල්ලි කොටින්ට දෙන්න අත්සන් කළේ කවුද?

විදුහලේ සල්ලි කොටින්ට දෙන්න අත්සන් කළේ කවුද?

‘දසදෙසින්’ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් දිනපතා උදෑසන හතට විකාශය කෙරේ. මෙම වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතායි. මෙම වැඩසටහනේ සංක්ෂිප්ත සටහනක් දිනපතා දිනමිණ පුවත්පතේ පළවේ. ඒ අනුව අද පළවනුයේ 2014. 12.‍ 16 වැනි දින විකාශය වූ වැඩසටහනයි.

උදෑසන පහට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන් දළදා මාළිගාවට කිරිපිඬුදානය සැදැහැ සිතින් පූජාකරන්න යනකොට ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයට වෙඩි තියන්න සැලසුම් කරලා තිබුණ කොටියට විරුද්ධ ව ඊයේ නඩු විභාගයක් තිබුණා. මේ කොටියාගේ නම ෂන්මුග නාදන් සුදේස් කුමාර්. වයස අවුරුදු තිස් එකයි. මේ එල්.ටී.ටී.ඊ කාරයා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් ඉඳගෙන තමයි මේ කටයුත්ත සූදානම් කළේ. මේ අද පුවත්පත්වල මේ ගැන සඳහන් වෙලා තියෙනවා.

මහනුවර ත්‍රිත්ව විදුහලේ ගිණුමකින් මිලියන 202ක් කොටින්ට ලබාදීලා විගණන වාර්තාව ගැන පරීක්ෂණයක් කරන්න අතිරේක මහේස්ත්‍රාත්තුමා සී.අයි. ඩී. එකට නියෝග කරයි කියලා සඳහන්වෙනවා. මේ එක කරුණක්.

ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට ඇවිත් උදේ දළදා මන්දිරයට යන වේලා‍ෙව තමයි එතුමව ඝාතනයට ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු මේ ඝාතකයා සැලසුම් කරලා තියෙන්නේ. පොලිසිය එතනට ගිය පසු මේ ස්නයිෆර් තුවක්කු ආදී ආයුධ අහුවුණා. මේ නඩුව දැන් විභාග වෙනවා. නඩු අංකය ඒ.ආර්. 942. දැන්බලන්න ත්‍රිත්ව විදුහලේ දී එල්.ටී.ටී.ඊ ගිණුමකට මුදල් මාරුවෙනවා. ඒ කාලේ විදුහල්පති විදිහට ඉඳලා තියෙන්නේ රොඩ් ගිල්බට්ගේ කියන මනුස්සයා. ඇත්තටම මෙයාගේ නම රොඩි ගිල්බට්ගේ නොවෙයි පලනියන්ඩි. මේවා අහනවා. බලනවා ඇති ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු කීර්තිමත් ශිෂ්‍යයෝ. සරත් අමුණුගම මහත්මයා ලක්ෂ්මන් කදිරගාමර්, අනුරුද්ධ රත්වත්ත මහත්මයා ආදිය ඉගෙන ගත්ත විද්‍යාලය තමයි මේ.

කවුද මේ මුදල් කොටින්ට දෙන්න අත්සන් කරලා තියෙන්නේ. අන්න ඒකයි ප්‍රධානතම ප්‍රශ්නය. වෙන කවුරුත් නොවේ මහාචාර්ය රජිව් විජේසිංහ. මේවා උසාවිය ඉදිරිපිට ඔප්පුවෙලා ඉවරයි. ප්‍රින්ස් නායගම් වර්ල්ඩ් විෂන් එකේ ලොක්කා. නිමල් කුක් සිරස අධ්‍යක්ෂ, මේ අයත් ඉන්නවා මේකට ගෑවිලා. රුපියල් මිලියන දෙසිය දෙකක් කොටින්ට දීලා මේ අය ඉන්නේ නිකන් සිල්ගත්තු කොක්කු වගේ. මේ කොටින්ට මුදල් දෙන්න චෙක්වලට අත්සන් කරපු අත්වලට මේ රටේ මියගිය රණවිරුවන්ගේ නාමයෙන් ශාප වෙන්න ඕනෑ. මේ ත්‍රිත්ව විද්‍යාලයේ මවුපියන්ගේ සල්ලි. මේ ගැන පැහැදිලි කරන්න ඕනෑනම් මේ අයට පුළුවන් මගේ දුරකතන අංකයට කතා කරලා මේ වැඩසටහනේ දීම පැහැදිලි කරන්න. මෙන්න අංක. 0112 2691992, 0112696656, 0112676969.

ඊයේ රූ එළිවෙනකන් ‘අයිසීස්’ සංවිධානයේ ත්‍රස්තවාදියෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අවන්හලකට පැනලා තුවක්කුවකුත් අරගෙන දහහත් දෙනෙක් පැය දහසයක් පුරා ඇපකරුවෝ වශයෙන් තියාගෙන හිටියා. මේ සිද්ධියෙන් මුළු ඕස්ට්‍රේලියාවම ගල් ගැසුණා. අර නිව් සවුත්වේල්ස් ගුවන් තොටුපොළට යන පාරේ මිනිස්සු භයින් ත්‍රස්තවෙලා හිටියේ. බලන්න මේ ත්‍රස්තවාදය නිසා මුළු ලෝකයම කොච්චර භයෙන් ත්‍රස්ත වෙනවද? ආයෙත් අපේ රටට මේ ත්‍රස්තවාදය එනවට උපදින්න ඉන්න දරුවොවත් කැමැති නැහැ.

පොදු අපේක්ෂක සිරිසේන,රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෙයාලාට සල්ලි දෙනවානම් ඕනෑ වැඩක් කරයි. මම මේ කියන දේවල්වල සියයට සියයක් කරුණු අතේ තියාගෙනයි කතා කරන්නේ. ඉතාම වගකීමෙන් මේ කතා කරන්නේ.

එජාපය වෙනුවෙන් ජීවිත පුදකරපු පරම්පරාවක් තමයි තිස්ස කුට්ටිආරච්චි මැතිතුමාගේ පරම්පරාව. 2009 වසරේදී වැඩියෙන්ම ඡන්ද මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරයෙක් තමයි ඒ පරම්පරාවේ ජානක කුට්ටිආරච්චි මැතිතුමා. පසුගිය සැරෙත් විශාල මනාප ඡන්ද ප්‍රමාණයක් එතුමා ලබා ගත්තා. නිදාගෙන හිටපු එජාපය නැඟිටවන්න එතුමා හොඳ කැපවීමක් කළා. එතුමා ඌව පළාත් සභාවේ යූ.එන්. පී. එකට පණදුන් කශේරුකාව කිව්වොත් නිවැරැදියි. මෙන්න ඊයේ එතුමා ඇවිත් හ්‍රීමත් ජනාධිපතිතුමා හමුවෙන්න. දැන් එතුමාව මම සජීවීව මෙම වැඩසටහනට සම්බන්ධකර ගන්නවා.

ගරු මන්ත්‍රීතුමනි එජාපය වැටිලා තියෙන මේ තත්ත්වය යටතේ ඇයි මේ විදියට ජනාධිපතිතුමාට සහාය පළකරන්න ආවේ...?

රටේ යන කුමන්ත්‍රණ දෙකක් ගැන ඔබතුමා කිව්වා. මේ කුමන්ත්‍රණ දෙකටම වඩා මට හැ‍ඟෙන දැනෙන කුමන්ත්‍රණය තමයි එජාපය විනාශ කරන කුමන්ත්‍රණය. මම විශේෂයෙන් මතක් කරනවා මම තවමත් එජාපයේ. මට මගේ ගෙදරවගේ සිරිකොත හොඳට හුරු තැනක්. ඊයේ උදේ වෙනකම්ම මම සටන් කරා එජාපය ‍හොඳ තැනකට ගේන්න. අපිට ඕනෑ එජාපයේ අපේක්ෂකයෙක්. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. අපි කිව්වේ රනිල් වික්‍රමසිංහ නායකතුමා හෝ එතුමාට බැරි නම් සජිත් ප්‍රේමදාස මහත්තයාව ඒකට යොමුකරන්න කියලා. බලන් ඉන්න වෙලාතියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙක් අතර සටනක්. මේ මැතිවරණය හරහා තමයි රටේ අනාගතය තීරණය වෙන්නේ. මේ රටේ සංවර්ධනය තීරණය වෙන්නේ. මේ දෙන්නා තරාදියක දාල කිරලා බලනකොට අපිට හිතෙන්නේ අද රටට ගැළපෙන වඩා හොඳ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා බව.

මන්ත්‍රීතුමනි මේ යාපනේ මිනිස්සු එක්ක කතාකරනකොට කියනවාලු මහින්ද මහත්තයාව අපි දන්නවා. ඒත් මෛත්‍රී කියන්නේ කවුද කියලා අහනවලු. බොහොම ස්තූතියි මන්ත්‍රීතුමා මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. හොඳයි මේ විපක්ෂයේ අදහස් ගැනත් අපි අහමු නේද? පාඨලි චම්පික රණවක කියන්නේ අද විපක්ෂයේ ඉන්න කෙනෙක්. හොඳ ඉන්ජිනේරුවෙක්. හැබැයි විදුලිබල මණ්ඩලයේ මෙයා ඉන්න කාලේ ඉන්ජිනේරුවන්ම තමයි මේ මනුස්සයාව අයින් කරන්න කියලා වැඩවර්ජන කළේ. එහෙම ගිය මෙයා තමයි දැන් වියරු වැටිලා කතා කරන්නේ.

මෙයා කියනවා පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් අසූවයි. ඩීසල් ලීටරයක් සඳහා මෙච්චරයි. කිරි පැකට් එකක් සඳහා මෙච්චරයි කියලා. මෙයා මේ කියන ගණන් වැරැදියි සම්පූර්ණයෙන්ම. මෙහෙම ගාණකට දෙන්න මේක මෙයාගේ බූදලයද?

වාහන ගෙන්වනකොට බද්දක් අය කරනවා. ඒ වගේ බදු මුදල් එකතුකරලා තමයි භාණ්ඩාගාරය පුරවන්නේ. ඒ බදු මුදල්වලින් තමයි මැතිවරණ කොමසාරිස්ට පඩි ගෙවන්නේ. ඒ මුදල් වලින් තමයි රජයේ සේවකයන්ට පඩිගෙවන්නේ. ඒ මුදල් වෙන්කරලා තමයි ඡන්ද පවත්වන්නේ. දැන් 2000 වසරෙදි ලංකාවට අලගෙන්වන්න ඇමරිකන් ඩොලර් මිලියන ගාණක් වැය කළා. 2013 ඇමරිකන් ඩොලර් මිලියන දශලක්ෂ 28ක අල මෙරටට ගෙන්වලා තියෙනවා. අලවලට ඉතින් බදු අඩු කරනවා. වැඩි කරනවා. දැන් අල පිටරටින් ගේනවා නම් රුපියල් පනහක් කිලෝ එක. එතකොට ලංකාවේ අල ගොවීන්ට එයාලගේ ඒවා එයාලටම කන්න වෙනවා. එහෙනම් පිටරටින් අල ගේන එක සීමා කරන්න ඕනෑ. ලුනුවල තත්ත්වයත් එහෙමයි. ඒ නිසා පිටරටවල භාණ්ඩ වලට බදු වැඩි කරනවා.

මේ පිරිසට තේරෙන්නේ නැහැ. අමෙරිකාව ලෝකයේ ආර්ථිකයට කොච්චර බලපෑම් කරනවද කියලා. බදු නැතිව කොහොමද රාජ්‍ය තන්ත්‍රය දියුණු කරන්නේ. බදු නැතිව කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ. මේ අය දැන් කියනවා පාරවල් ගැන. අර රටේ පාරක් හදන්න මෙච්චර ගියා. මේ රටේ මෙච්චර ගියා. අපේ රටේ මෙච්චර යනවා කියලා. අනේ මේ අය අහනවා අපේ පාරවල් හදන්නෙ රත්තරං වලින්ද, කියලා. මේවා හරි විහිළු කතා නේද?

යාල්දේවි දුම්රිය පාර හදනකොට ගිය වියදම ගැන මේ අය අහනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගියොත් කියයි ඒ රටේ ඉන්ජිනේරුවො ඇවිල්ලා මෙහේ රේල් පාරවල් හදන්න මොන තරම් මහන්සි වුණාද කියලා. මොන වැඩක් මේ රටට කළත් මේ අය කියනවා හොරකම් කළා කියලා. මට පේන්නේ මෙහෙම කියන අය හොරු. ඒ නිසානේ හොර වැඩ ගැන හොඳට දන්නේ?. දැන්ම මා ළඟ තියෙන දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. පාඨලී මහත්තයෝ නොරොච්චෝලෙට ගල් අඟුරු ගෙනාවේ කොහොමද කියන කතාව මම දන්නවා.

අනේ තාම මම කියන්න පටන් ගත්තේ නැහැ. ඔය පැනපු කණ්ඩායමේ කෙනෙක්ගේ දුවෙක් බැංකුවේ වැඩ කරනවා. එයා වැඩට යන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ. හැබැයි හැම මාසෙම පඩිය අතට ගන්නවා. ඒවද මේ මහත්තුරු කියන යහපාලනය. තව කෙනෙක්ගේ දුවක් කොල්ලෙක් එක්ක යාළුවුණා. කොල්ලා දුප්පත්. අනේ අර අහිංසක කොල්ලා පාරෙදි මරණයට පත්වෙනවා. ඒවාද යහපාලනය කියන්නේ. මම නම කියන්නේ නැහැ. මේවා මුළු රටම දන්නවා මහත්තුරුනේ.

මේ මනුස්සයා කියනවා රජ පවුලේ කුමන්ත්‍රණයකට අමෙරිකාවේ බකිං හැම්වලින් අශ්වයෙක් ගෙනාවා කියලා? මම අහන්නේ අමෙරිකාවේ කොහෙන්ද බකිංහැම්. මේ වගේ අයට ද රට භාර දෙන්නේ. මෙයාලා හෙට කියයි එංගලන්තේ වයිට් හවුස් එකෙන් බූරුවෙක් ගේනවා කියලා. එහෙම කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ. බලනකොට බූරුවට තියන්නේ කකුල් දෙකයි. ඒ බූරුවා කොයි වගේද කියලා ජනතාව දන්නවා.

තව ටික දවසක් යනකොට මෙයා කියයි හොරගොල්ලෙන් රිළවෙක් ගෙනාවා කියලා.මේ රටේ මිනිස්සු මේවා ගැන හොඳට දන්නවා. මේ අය මේ එයාලගේ පෞද්ගලික අභිවාදනයනේ ගහන්නේ මට අරක වුණා. මට මේක වුණා කියලා. මේ වගේ අය බලයට ගෙනාවොත් කියන්න වෙන්නේ මේ රටට කෙළවුණා කියලා තමයි. මෙයාගේ ඔළුව දැන් හොඳටම නරක් වෙලා.අපේ රටේ අනාගතය අගමුල දන්නේ නැති මේ වගේ මනුස්සයෙකුට රට දෙන්න පුළුවන් ද?

සජිත් මහත්තයා කියනවා මෛත්‍රීපාලයි, අනිත් පක්ෂයි, එජාපයයි ගහපු ගිවිසුම් ගැන මම දන්නේ නැහැ කියලා. ඇත්තටම එජාපයෙ සහ සිරිසේන අතර වුණ ගිවිසුම සහ ඒ ගැන පැහැදිලි අවබෝධයක් සජිත්ට නැතිලු. අනේ සජිත් මහත්තයා තව අවුරුදු අටක් යනකම් බලන් ඉන්න. නැතිනම් ඇඳුම් බෑගයත් අරන් මෙහෙට එන්න. දැන් බලන්න හංසයා ලකුණ ඒ.ජේ. රණසිංහට දුන්නා. පස්සේ සරත් ෆොන්සේකට, දැන් සිරිසේනට. අම්මපා පක්ෂයකුයි ලකුණකුයි ලියාපදිංචි කරලා තියාගත්ත නම් ඒකත් ලොකුම බිස්නස් එකක්.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා