|
||||
උතුරේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය ගැන වාර්තාවක් සපයන්නජනපති ආරක්ෂක ලේකම්ට දන්වයි උතුරේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගෙන් ජනපති, ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත. දැනට උතුරේ ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ආකාරය, කඳවුරු ප්‍රමාණය, ඔවුන් සිදු කරගෙන යන කාර්යයන් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් එම වාර්තාවෙන් ඉල්ලා ඇත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කෙළේ දිවයිනේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන යුද හමුදා සාමාජිකයන් තවදුරටත් එම ව්‍යාපෘතිවල කටයුතු කරන බවයි. ඒ අතර පසුගිය කාලයේ විසිදහසක පමණ පිරිසක් යුද හමුදාවට බඳවා ගත් අතර කිසිම හේතුවක් මත එම සාමාජිකයන් ප්‍රමාණය අඩු කිරීමේ බලාපොරොත්තුවක් නැති බව ද පැවසීය. පසුගිය කාලයේ අධි ආරක්ෂක කලාප, ආරක්ෂක කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශ ඇතුළත්ව අක්කර විසිහයදහසක පමණ භූමි ප්‍රමාණයක් ආරක්ෂක අංශ යටතේ පැවතුණි. ඉන් අක්කර දහඅටදහසකට වඩා වැඩි ප්‍රමාණයක් උතුරේ ජනතාවට යළි ලබා දී ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පැවසීය.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |