යහපාලනය ස්ථාපිත කරමින් ජනතාවට සහන ලබා දෙනවා

යහපාලනය ස්ථාපිත කරමින් ජනතාවට සහන ලබා දෙනවා

- ඇමැති රවුෆ් හකීම්

මා ගැන විශ්වාසය තබා ජනතාවට සේවය කළ හැකි අමාත්‍යාංශ දෙකක් ලබා දීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ස්තූතිය පුද කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ඊයේ (16)ඇමැතිධුරයේ වැඩ බාර ගැනිමෙන් පසු ඇමැතිවරයා මේ බව පැවසිය.

තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

යහපාලනය ස්ථාපිත කරමින් ජනතාවට සහන ලබා දීමට දින 100ක් තුළ කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මා උපරිමයෙන් සේවය කරනවා. ඒ සඳහා සියලු නිලධාරින් එම කාලය තුළ ඉවසීමෙන් හා හොදට වැඩ කළ යුතුයි.නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා පසුගිය අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදල් වලින් හොදින් කටයුතු සිදු කිරිමට මා බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන .ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමැති දුනේෂ් ගන්කන්ද මහතා - . විපක්ෂයේ මන්ත්‍රිවරුන් 40ක් දක්වා අඩු වී තිබෙනවා. දූෂණය රටින් තුරන් කිරිමට ජනබලයක් රට පුරා ගොඩ නැගි තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ,රවුෆ් හකීම් මහතාගේ සහ දුනේෂ් ගන්කන්ද මහතාගේ පවුලේ ඥාතීන් හිතවතුන් පාක්ෂිකයින් මෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතිරේක ලේකම්වරුන් ඉහළ මට්ටමේ නිලධාරින් එක් වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා