|
||||
දින සියයේ වැඩසටහන යටතේ කලාවට උපරිම සේවාවක් කරනවා- ඇමැති නන්දිමිත්‍ර ඒකනායක දින සියයේ යෝජිත වැඩසටහන යටතේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හරහා කළ හැකි උපරිම සේවයක් මෙරට කලාව සහ කලාකරුවන් වෙනුවෙන් සිදුකරන බව නව රජයේ සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (16) සිය අමාත්‍යාංශයේ වැඩබාරගනිමින් පැවසීය.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේ දී ඇමැතිවරයා සිය ධූරයේ වැඩබාර ගැනිණි. වැඩභාර ගැනීමෙන් පසුව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති, උත්සවයේදී කථාකළ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඉදිරි දින 100 යෝජිත වැඩසටහන යටතේ, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හරහා කළහැකි උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව කීය. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අමාත්‍යාංශය ලබාදීම කෙරෙහි තබා ඇති විශ්වාසය අනුව, දැනට කරගෙන යන වැඩසටහන් එලෙසම පවත්වාගෙනයාමටත්, අමාත්‍යාංශ ලේකම් මහතාට මා බාරදෙනවා. මේ රටේ බලයට පත් වූ ජනාධිපතිවරුන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අතින්ද සුළු සුළු අඩුපාඩු සිදුවීම නිසා මැතිවරණයෙන් පරාජය වූ බව අප සිහිතබාගත යුතුයි, බලයට තනතුරුවලට පත්වන හැමදෙනාම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් වැඩකළ යුතුයි. අමාත්‍යාංශයේ හිටපු ඇමැතිතුමා මගේ හොඳ මිත්‍රයෙක්. එතුමා සංස්කෘතිය හා කලාව වෙනුවෙන් පසුගිය කාලයේ විශාල සේවයක්කර තිබෙනවා. එතුමා ආරම්භකර ඇති කටයුතු එලෙසම පවත්වාගෙන යන ලෙසද මා සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක හා කලාකරුවන් වෙනුවෙන් කේ. බී. හේරත්, නිශ්ශංක දිද්දෙනිය හා බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුද මෙහිදී කතා කළහ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |