මුද්‍රණය සඳහා

 
විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට

විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට

රටේ ඇතැම් ප්‍රදේශවලට සංචාරය කිරීමට විදේශිකයන්ට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පැවැති ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීම වූ මෙහිදී රටේ පවතින ආරක්ෂක තත්ත්වය සමාලෝචනයට භාජනය කෙරිණි.

මේ වන විට රට තුළ යුදමය තත්ත්වය පහව ගොස් ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් විදේශිකයින්ට පනවා තිබූ මෙම සංචාරක තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.එසේම උතුරු හා නැගෙනහිර පළාත් වෙත ප්‍රවාහනය කිරීම සඳහා තහනම් කර ඇති භාණ්ඩ ලේඛනයද සැළකිල්ලට ගෙන එයද සංශෝධනය කර තිබේ.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලට තවදුරටත් යුද්ධායුධ හා වෙඩි ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය රැගෙන යාම තවදුරටත් තහනම් කෙරේ. උතුරු පළාතට පමණක් ආරක්ෂක හමුදාව භාවිත කරන රෙදිවලට සමාන රෙදි වර්ග හා දුරදක්න ප්‍රවාහනය කිරීම තහනම් වේ. මෙම භාණ්ඩ හැර අන් සියලු භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමටද ඉඩ දීමටද ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]