ජනපති මෛත්‍රීට වැඳ ආචාර කරන සැවොම නව ආණ්ඩුවට ගන්නේ නෑ

ජනපති මෛත්‍රීට වැඳ ආචාර කරන සැවොම නව ආණ්ඩුවට ගන්නේ නෑ

- නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

බුලත් දුම්කොළ රැගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී වැඳ ආචාර කරන සැවොම නව ආණ්ඩුවට එක් කර නොගන්නා බව විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි. ඕනෑම අයෙකුට පැමිණ ජනාධිපතිවරයාට සුභ පැතීමට බාධාවක් නැතැයි ඒ මහතා කීය.

අල්ලස් ,දූෂණ සහ වංචා චෝදනා ඇති අය ආණ්ඩුවට එක් කර ගන්නවාදැයි බොහෝ අය විමසන බව කී ඒ මහතා දැනට ආණ්ඩුවට එක් වී සිටින අයට එවැනි චෝදනා ඉදිරිපත් වුවහොත් ඒවා පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා කීය.

විපක්ෂයට මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටද එරෙහිව තරාතිරම නොබලා නීතිය සමානව ක්‍රියාත්මක කිරීම නව රජයේ ආකල්පය බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා