මහින්ද කහඳගමගේට එරෙහි පැමිණිල්ලක පිටපතක් ඇමැති රවීට

මහින්ද කහඳගමගේට එරෙහි පැමිණිල්ලක පිටපතක් ඇමැති රවීට

දේශමාමක ජාතික බලවේගයේ සභාපති ඌවතැන්නේ සුමන හිමියන් ඊයේ (16) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ මහතා ඇතුළු පිරිසකගේ වංචා දූෂණ, අක්‍රමිකතා ඇතුළු පැමිණිල්ලක පිටපතක් භාර දී තිබේ.

අනතුරුව සවස දේශමාමක බලවේගය කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක නිරත විය. පසුගිය කාලයේ පිටකොටුවේ පදික වෙළෙඳුන්ගෙන් මුදල් එකතුකරමින් හා වෙළඳුන් නොයෙක් පීඩනයන්ට පත්කළ පිරිස්වලට විරෝධය පාමින් මෙම උද්ගෝෂණය පැවැත්විණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා