මුද්‍රණය සඳහා

 
BMICH පරිශ්‍රයේ තිබූ කන්ටේනර් බහාලුම් 3ක් අත්අඩංගුවට

BMICH පරිශ්‍රයේ තිබූ කන්ටේනර් බහාලුම් 3ක් අත්අඩංගුවට

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රඳවා තිබූ සැකකටයුතු කන්ටේනර් බහාලුම් තුනක් ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කන්ටේනර් පරීක්ෂාකර බැලීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත තේ කට්ටල , පිගන් භාණ්ඩ මේ තුළ තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බවට සැකකරණ මේ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]