මුද්‍රණය සඳහා

 
විපක්ෂ නායක නිමල් සිරිපාල

විපක්ෂ නායක නිමල් සිරිපාල

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට හිටපු සභානායක ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ද පත් කර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව මෙම පත්වීම් දෙක අනුමත කැර තිබෙන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ප්‍රකාශ කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]