පුද්ගලයකුට පිහියකින් ඇන රුපියල් 41000ක් කොල්ලකාලා

පුද්ගලයකුට පිහියකින් ඇන රුපියල් 41000ක් කොල්ලකාලා

දික්වැල්ල ගරාජ් එකක් අසලදි පුද්ගලයකුට පිහියෙන්ඇන රුපියල් 41000 ක මුදලක් කොල්ලකා ඇත. මේ සිද්ධියෙන් තුවාල ලබා දික්වැල්ල බතිගම රෝහලට ඇතුලත්කර ඇත්තේ දික්වැල්ල දොඩම්පහල රුවන් චන්දන නැමති අයෙකි.

එම ගරාජයේ අලුත්වැඩියා කරන ලද ඔහුගේ ත්‍රිවිලර් රථයට ගෙවීම සඳහා ගෙන එන මුදල් ගරාජ් හිමිකරු පැමිණෙන තෙක් ගනිමින් සිටියදී ඒ දෙස බලාගෙන සිටි පුද්ගලයකු එම මුදල් උදුරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී තුවාලකරු ඔහු සමඟ පොර බදන අවස්ථාවේදී සැකකරු ලඟ තිබී පිහියක් ගෙන තුවාලකරුට පිහියෙන් පහරවල් දෙකක් ඇන මුදල්ද කොල්ල කා පලාගොස් ඇත.

සිද්ධියට අදාළව දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු දික්වැල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. දික්වැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා