මුද්‍රණය සඳහා

 
‍දඹුල්ල පොලිසියේ හදිසි මෙහෙයුමකින් කුඩ්ඩෝ 7ක් දැලේ

‍දඹුල්ල පොලිසියේ හදිසි මෙහෙයුමකින් කුඩ්ඩෝ 7ක් දැලේ

දඹුල්ල පොලිස් බල පෙදෙසේ වර්ධනය වෙන මත්උවදුරු දුරලීම සදහා දඹුල්ල පොලිසිය මේවනවිට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ ඉකුත් පසුගිය දා දඹුල්ල නගරයේ සහ ඒ ආශ්‍රිත පෙදෙස්හි සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මිලි ග්‍රෑම් 105ක් අඩංගු පැකට් 6ක් සන්තකයේ තබා ‍ගෙන සිටි පුද්ගලයන් තිදෙනකු බුලාගල පෙදෙසේදී අත්අඩංගුවටගෙන ඇත.

එදිනම තවත් පුද්ගලයන් සිව්දෙනකු ගංජා මිලි ග්‍රෑම් 7480ක් සන්තකයේ තබාගෙන දඹුල්ලනගරයේ සිටියදී අත්අඩංගුවටගෙන තිබේ. අනතුරුව මොවුන් බදාදා දඹුල්ල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සංජීව රම්‍යසිරි මහතාවෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ගංජා සන්තකයේ තබා ගෙන සිටි සිව්දෙනා රුපියල් 50,00 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කළ අතර මීළග විමසීම මේ මස 19 වන දිනට කල් තබන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]