වෙහෙස නිවා ගනිද්දී කම්කරුවා පෙජරෝවට බිලි

වෙහෙස නිවා ගනිද්දී කම්කරුවා පෙජරෝවට බිලි

කොළඹ මිගමුව ප්‍රධාන මාර්ගයේ නාගොඩ මොරාවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක අයිනකට වී මහන්සිය නිවා ගැනිමට ඇළ වී සිටි කම්කරුවෙක්ව, එම මාර්ගයේ ගමන් කළ පෙජරෝ රථයකට යට වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ගෙන යන අතරතුර (15දා) සවස 2.00ට පමණ මිය ගියේය.

මේ අනතුරෙන් මිය ගියේ කඩවත පහල කරගහමුණ ගල් රෝද පාරේ අ0ක 213 නිවසේ පදිංචි බොරැල්ලගේ මිල්ටන්(44)නැමති කොළඹ මීගමුව මාර්ගයේ අලුත් වැඩියා කටයුතුවල නිරත කම්කරුවෙකි.අනතුරට සම්බන්ධ රථයේ රියැදුරුව කඳාන පොලිස් ස්ථානයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබුණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා