හිමිනමකට පහර දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට

හිමිනමකට පහර දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට

පස්සර වැල්ගොල්ල විදුහලේ පාඨශාලාචාර්යය වැල්ගොල්ල ශ්‍රී බෝධිරුක්ඛ්ඛාරාමවාසි පිටපොල නන්දසාර හිමිපාණන්ට විහාරස්ථානයේදී පහර දුන්නේ යැයි සැක කරණු ලබන එම ගම් ප්‍රදේශයේම තරුණයෙක් ඉකුත් දා පස්සර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන කටයුතු පස්සර පොලිස් ස්ථානාධිපති උපුල සෙනවිරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති දයානන්ද විකුමසිංහ,පො‍.සැ.23223 ප්‍රනාන්දු ,පො.කො.54239 සමන්, සහ පො.කො .44734 ලලිත් යන නිලධාරීන් මඟින් සිදු කෙරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා