මුද්‍රණය සඳහා

 
සැප රියකින් ගංජා ඇදලා සූරියආර සැකකරුවෙක් කොටු

සැප රියකින් ගංජා ඇදලා සූරියආර සැකකරුවෙක් කොටු

තණමල්විල සිට ඇඹිලිපිටිය මාර්ගයේ කැබ් රථයකින් ප්‍රවාහනය කර තිබු වියළි ගංජා කිලෝග්‍රෑම් 136ක් හා ග්‍රෑමි 500ක් සමඟ සැකකරුවෙක් මොරකැටිය පොලිස් මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (14) දහවල් මොරකැටිය පොලිස් මාර්ග බාධකයේදි සැකසහිත රථ වාහන පරික්ෂා කිරිමේදි කැබ් රථයක ඉතා සුරක්ෂිතව අසුරා තිබු වියළි ගංජා තොගය හමු වී ඇත. එය පරික්ෂා කිරිමේදි පැකට් කර තිබු වියළි ගංජා කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 136 ක් හා ග්‍රෑමි 500 ක් විය.

මෙහි වටිනාකම දළ වශයෙන් රු. දහතුන් ලක්ෂ හැටපන්දහසක් (රු. 1365000) වන බව සෙවනගල පොලිසිය කියයි. අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සුරියආර 16 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සෙවනගල පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පො. කො. වීරවංශ (144985) පො. කො. රාජපක්ෂ (63407) විසින් මේ වැටලීම සිදුකර තිබිණි. සැකකරු සමඟ ගංජා තොගය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]