මුද්‍රණය සඳහා

 
බිල්ලක් ගන්නයි මරුවා ඔය ඇදවී ඉන්නේ

බිල්ලක් ගන්නයි මරුවා ඔය ඇදවී ඉන්නේ

ගිනිගත්හේන සිට ගෝනාවල දක්වා මාර්ගයේ කුරුඳුගොල්ල අසළ දුරකතන රැහැන් ආධාරක කොන්ක්‍රීට් කණුවක් ඇදවී කඩා වැටීමේ අවදානමක පවතී.

ටෙලිකොම් සමාගමේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මඟින් එම මාර්ග‍යේ දුරකථන රැහැන් ඉදිකරනු ලැබුවේ මෙයට වසර කීපයකට පමණ ඉහතදීය.

එම ඇදවී තිබෙන ආධරක කණුව යටින් රථ වාහන ධාවනය කිරීමට මෙන්ම ගම්වාසීන්හට ගමන් කිරීමට පවා සිදු වී ඇත්තේ අනතුරු දායක තත්ත්වයකට මුහුණ පාමිණි.

එබැවින් ඇදවී ඇති එම දුරකථන රැහැන් ආධාරක කණුව එම මාර්ගයට කඩා වැටීමෙන් කිසියම් අනතුරක් සිදුවන්නට පෙර එය යථා තත්ත්වයට පත් කිරීමට අදාළ බලධාරීන් විසින් පියවර ගත යුතුව තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]