පාරිභෝගික පනත කඩන වෙළෙන්දන්ට නීතිය තදට

පාරිභෝගික පනත කඩන වෙළෙන්දන්ට නීතිය තදට

පාරිභෝගික පනත උල්ලංඝනය කෙරෙන වෙළෙඳුන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගැනීමට සියලු කටයුතු යොදා ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජී.එම්.ජේ. ඩග්ලස් මහතා කියයි.

මේ සඳහා දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තව දුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.නව වැඩ පිළිවෙළට අනුව අධිකාරියේ හදිසි වැටලීම් කණ්ඩායම් විසින් පාරිභෝගික නීති උල්ලංඝනය කෙරෙන අවස්ථාවන්හි සිදුකෙරෙන වැටලීම්වලදී නියමිත දඩ මුදල් එවෙලේම අය කැර ගැනීමට කටයුතු යෙදේ.

මේ අතර අය කැරෙන දඩ මුදල ඉහල නැංවීමටද පියවර ගෙන තිබේ. එමෙන්ම පාරිභෝගික නීති රීති පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති කමින් පාරිභෝගිකයන් තුළ පවතින දුබලතා මගහැරවීම පිණිස රට පුරා පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ විධිමත් වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කැරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා