වී පර්යේෂණ ආයතන වැඩිදියුණු කළ වී ‍ප්‍රභේද 4ක් හඳුන්වා දෙයි

වී පර්යේෂණ ආයතන වැඩිදියුණු කළ වී ‍ප්‍රභේද 4ක් හඳුන්වා දෙයි

වැඩිදියුණු කළ වී ප්‍රභේද හතරක් (04) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණායතන දෙකක් මඟින් ගොවීන්ට හඳුන්වා දී ඇත. බී. ජී. 310, බී. ජී. 251, බී. ජී. 455 හා ඒ. ටී. 373 වශයෙන් මෙසේ හඳුන්වා දෙන ලද වී ප්‍රභේද වෙයි.

අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය සහ බතලගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව හා පසෙහි ස්වභාවය සැලකිල්ලට ගනිමින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙම වී ප්‍රභේද හඳුන්වා දී තිබේ.

මෙයින් බී. ජී. 310, බී. ජී. 251 සහ බී. ජී. 455 යන වී ප්‍රභේද බතලගොඩ වී පර්යේෂණායතනය මඟින් හඳුන්වා දී ඇති අතර ඒ. ටී. 373 ප්‍රභේදය හඳුන්වා දී ඇත්තේ අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය මගිනි. මින් බී. ජී, 310 පසෙහි ලවණතාවයට හා කෘමි රෝගවලට ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් වන අතර බී. ජී. 251 නියඟයටත්, බී. ජී. 455 ගංවතුර වැනි ආපදාවලටත් ඔරොත්තු දෙන වී ප්‍රභේද වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා