19න් පහළ ක්‍රිකට් ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු එක්දින ගැටුම හෙට

19න් පහළ ක්‍රිකට් ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු එක්දින ගැටුම හෙට

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණියේය.ශ්‍රී ලංකා හා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර හෙට (18) තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ඇරැඹෙන අතර ඉන් අනතුරුව තුන්දින තරග දෙකක්ද පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පිල සකස් කිරීම සඳහා මේ සංචාරයේ එක්දින තරගාවලිය ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර තිබේ.

මේ තරගාවලියට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 31දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කළේය. ඉන් ලෝක කුසලානය තරගාවලියට සහභාගි විය හැකි වයස් කාණ්ඩයේ ක්‍රීඩකයන් ‍එක්දින තරගාවලියට ක්‍රීඩා කරන අතර ලෝක කුසලාන තරගාවලියේ වයස් සීමාව ඉක්මවන ක්‍රීඩකයන්ට තුන්දින තරගාවලියේදී අවස්ථාව ලබාදීමට නියමිතය.

කොළඹ කෝල්ට්ස්, එස්.එස්.සී ක්‍රීඩාංගණවල හා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග පැවැත්වෙනු ඇති අතර තෙදින තරග දෙක රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා