මහදම්පා මුහුදු පිහිනුම් තරගාවලිය 25දා

මහදම්පා මුහුදු පිහිනුම් තරගාවලිය 25දා

අම්බලන්ගොඩ මහදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය, පිහිනුම් සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව සිවුවැනි වරට සංවිධාන කරන කිලෝමීටර් 2 මුහුදු පිහිනුම් තරගාවලිය මේ මස 25වැනිදා පෙරවරු 7.30ට අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුලාව වෙරළ තීරයේදී පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ විනිශ්චයෙන් පැවැත්වෙන තරගාවලියේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සංගමය හා සීනිගම දෝහා ජය සතුට පදනම කටයුතු කරනු ඇත.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණවක් වන තරගාවලියට පාසල් මගින් හෝ ජල ක්‍රීඩා සංගම් මගින් (අවු.21ට අඩු) ඉදිරිපත් විය හැකිය. තරගාවලියේ පිරිමි ශූරතාව සඳහා පී.ගුණසේන ද සිල්වා අනුස්මරණ කුසලානය පිරිනැමෙන අතර කාන්තා අංශයේ ශූරතාවට ගර්ලි ජෝතිරත්න අනුස්මරණ කුසලානය පිරිනැමේ.

පිරිමි තරගයේ 15වැනි ස්ථානය දක්වාත්, කාන්තා තරගයේ 10වැනි ස්ථානය දක්වාත් පදක්කම් පිරිනැමෙන අතර තරගය අවසන් කරන සියලු තරගකරුවන්ට සහතිකයක් ප්‍රදානය කරන බව සංවිධායකයෝ පවසති. තරගාවලියට සඳහා අයැදුම්පත් මේ මස 22වැනිදාට පෙර විදුහල්පති, ගා/මහදම්පා මධ්‍ය මහා විද්‍යාලය, කුලීගොඩ, අම්බලන්ගොඩ ලිපිනයට යොමු කළ යුතුය. වැඩි විස්තර දු.ක.0714427269මගින් ලබාගත හැකිය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා